අහුලගත්ත ගොසිප්

එයාට 22යි මට 36යි ගයාන් පෙරේරා විවාහය ගැන කියපු අපුරු කතාව

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදුකර කලා අඹරෙන් බැස ගියත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා බැස්ස නොයන ,සදා අමරණීය අති දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි සුනිල් පෙරේරා මහතා කියල කියන්නේ.

ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු ගැන නම් නොවෙයි. ඔහුගේ අඩුව පිරවීම සඳහා ගායන ශ්‍රේෂ්ත්‍රයට දායාද කළ, ඔහු මෙන්ම දක්ෂ ගායන ශිල්පියකු මෙන්ම වාදන ශිල්පියකු ද වන ඔහුගේ ආදරණීය පුත් ජනප්‍රිය, අති දක්ෂ ගායන ශිල්පී ගයාන් පෙරේරා ගැනයි.

ඉරිදාට පල්ලියෙදි නීල කඳු ගැටේ, ඇයි කලේ , බොරුකාරි, චන්ද්‍රයන්පිදූ…වැනි බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගත් ගීත රාශියකට උරුමකම් කියන ඔහු වසර අටක් පමණ කලාවෙන් ඈත් ව ඇමෙරිකා රාජ්‍යයේ පදිංචිව සිට,..

සුනිල් පෙරේරා මහතාගේ වියෝවෙන් පසු නැවතත් ලංකාවට පැමිණ තිබෙන අතර ඔහුට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින් හට අලුත් ගීතයක් ද තිළිණ කිරීමටයි ඔහු නැවත ලංකාවට පැමිණ තිබෙන්නේ.

ගීතයේ තනුව මෙන්ම පද රචනය ද ඔහු අතින්ම නිර්මාණය වී ඇති අතර ගීතය තමයි “හිතෙන තරම්” කියල කියන්නේ. වසර අටක් පමණ ප්‍රේක්ෂකයින්ගෙන් ඈත්ව සිටිය ද නව නිර්මාණයට ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් ඔහුට තිබෙන ආදරය බිඳක් වත් අඩුව නොමැතිබවයි හැඟී යන්නේ.

ඒ වගේම මේ වන විට පෙම්වතෙක් වන ගයාන් පෙම් කරන්නේ සුරූපී ශ්‍රී ලාංකික තරුණියකට බවත්, ඇය තවම අධ්‍යාපනය ලබන බවත් ,ඇය විසි දෙවැනි වියේ පසුවන බව හා ගයාන් 36 වැනි වියේ පසුවන බවයි ඔහු කියා සිටියේ.

ඒ වගේම “ඩැඩී” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කලක් කටයුතු කළ ගයාන් නැවත “ඩැඩි” කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අදහසක් නොමැති බව හා තනිව ගමනක් යෑමට කැමැති බවයි කියා සිටියේ.

ඉතින් වර්තමාන තරුණ පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පියකු වන ගයාන් පෙරේරාගේ සියලු වැඩකටයුතු සඳහා අපි ඔහුට සුබ පැතුම් එක්ක සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button