
ඇය කුඩා කල සිට අකමැතිම ක්ශේස්ත්‍රයක් ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කර ගත් තරුණියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල ජනප්‍රියතම ටෙලි නිර්මාණය වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” හී “ජානකී” එහෙමත් නැත්නම්
“උළු කෑල්ල” නම් චරිතයට ජීවය එක් කරමින් මේ දිනවල වඩාත් ජනප්‍රිය රංගන ශිල්පිනිය බවට මෙන්ම වඩාත් කතා බහට ලක්ව තිබෙන රංගන ශිල්පිනිය බවට පත්ව සිටින්නේ ඇයයි.
එහෙම කිව්වම කව්ද ඇයව නොදන්නේ ඇය තමයි දක්ෂ ,ජනප්‍රිය, සුරූපී, යොවුන්, නවක රංගන ශිල්පිනී මදුශානි පෙරේරා කියලා කියන්නේ.
මේ දිනවල ලොකු කුඩා කාගේත් ආදරය දිනා තිබෙන “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායකවීමට ලැබීම ගැන වඩාත් සතුටට පත්ව සිටින ඇය කියා තිබුණේ මේ දිනවල ඇයගේ රංගනය සඳහා අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන බවයි.
ඇයගේ සැබෑ ජීවිතයට හාත්පසින්ම වෙනස් “ජානු” නම් චරිතය පිළිබඳව මධුෂානි කියා සිටියේ ඇය සැබෑ ජීවිතයේ ඉතා සෙමින් කතා කරන,
නිහඬ චරිතයක් බවත් “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “ජානු” ගේ කෑගැහිල්ලට ඇයට තරහ යන බව හා ඒ සද්දෙට ඇයගේ මවද රූපවාහිනියේ හඬ අඩුකරන ලෙස පවසන බවයි.
පාසල් කාලයේ සිට කලාවට අකමැති, කලාව හා සම්බන්ධ කිසිදු බාහිර ක්‍රියාකාරකමකට සම්බන්ධ වී නොමැති තරුණියක වන ඇයගේ ජීවිතය කලාව නිසාම මෙතරම් ඉහලට රැගෙන යයි,මෙතරම් වෙනස්වේයැයි කියා ඇය වත් නොසිතන්නට ඇති.
කුඩා කල සිට ගුවන් සේවිකාවක වීමට සිහින දැක ඇති මදුෂානිගේ එම සිහිනය බොඳ වෙද්දි රංගන ක්ෂේත්‍රය තෝරා ගෙන ඇති ඇය මේ වන විට වෘත්තියක් ලෙස රංගනයේ නිරත වුවත් ඉදිරියේ දී තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි කියා සිටියේ.
යොවුන් වියේ පසුවුවද තවමත් තනිකඩ දිවියක් ගත කරන මේ සුරූපිනියගේ අනාගත සහකරු සුදුසු කාලයේ දී මුණ ගැසෙන ඇති බවයි ඇය විශ්වාස කරන්නේ.
ඉතින් මේ දිනවල බොහෝ තරුණයන් වසඟ කරගෙන තිබෙන මේ හැඩකාර, සුරූපී රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපද ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.








