
ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාමත් ඉහළින් දිනා ගත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ර ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වු නවක යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් මාෂි චතුරිකා පෙන්වා දෙන්නට පුළුවන්.
නිරුපිකාවක් වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරුපණ ක්ෂේත්‍රය තුල දක්ෂ නිරුපණ ශල්පිනියක් මෙන්ම අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට ද පත්ව තිබෙනවා.
නමුත් ඇය ගැන කතා කරන විට කලා ක්ෂේත්‍රයට පිවිසීමට පෙර මාෂි චතුරිකා යුද හමුදා පොලීසියේ සේවය කරන ලද නිලධාරිණියක් වශයනේ කටයුතු කර ඇත.
වෙස්ගත්තෝ, හිතුවක්කාරි, සුසුම් රස්තියාදුව වැනි ටෙලිනාට්‍යවල වල ඇයගේ රංගන හැකියාව දැක ගැනීමට හැකි වන අතර සංගීත විඩියෝ ඔස්සේ මෙන්ම වෙළද දැන්වීම්දැනවීම් වලින්ද ඇයව දැක ගත හැකි වේ.
රගපෑම් කටයුතු සිදු කරන විට තමන්ට ලැබෙන චරිතයට උපරිම සධාරණයක් ඉටු කරමින් ඒම කටයුතු කිරීම තමන් විසින් සිදු කරන බවත් ඇය රගපැම් කටයුතු පිළිබද මතක් කරමින් කියා සිටියා.
නමුත් නිරුපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන විට දී ඇදුම් පැළදුම් පිළිබද වඩාත් සැලකිලිමත් වන බවත් ඇය කියා සිටියා. ඇය රංගනයට අලුත් මුහුණක් වීමට හේතුව වන්නේ ඇය ලංකාවට වඩා විදේශගත වී කාලයක් සිටි නිසයි.
ඇය රටවල් කිහිපයකම කාලයක් ගත කර ඇති අතර ඒහිදි ඇය විසින් රූපලාවන්‍ය කටයුතු සිදු කර ඇති අතර ලංකාවට පැමිණි මොහොතේ දී ඇයට මෙරට රංගන කටයුතු සදහා පිවිසිමට අවස්ථාව උදා විය.
තවමත් තනිකඩ වුයතියක් වන මාෂි සතු සුන්දර සරාගී පෙනුම නිසා බොහෝ තරුණයන්ගේ ආකර්ෂණයට ඇය ලක් වී තිබෙනවා. ආදරේදී තමන් බොහෝ පරිත්‍යාගශීල කෙනෙකු වන බවත් තමන් තවමත් විවාහයක් ගැන සිතා නැති බවත් ඇය අදහස් දැක්වීමකදී කියා සිටියා.








