අහුලගත්ත ගොසිප්

පිට අය ආශ්‍රය කරන්නේ ගොඩක් අඩුවෙන්, වාහනය ගත්තේ මගේ මහන්සියෙන්

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළවීමට දායක වූ ඇය අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේ ද ආදරයට පාත්‍ර වී සිටින නිරූපණ ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

අප රටේ විවාහක රූ රැජිනියක වන ඇය ත්‍රිකලා ධරණි ය. ධනාත්මක චින්තනය නිසා මෙන්ම උත්සාහය ,උනන්දුව, කැපවීම නිසාම ජීවිතය ජයගත් තරුණියක වන ඇය ලංකාවේ සිටින දනවත්ම පුද්ගලයින් ගෙන් අයෙක් කිව්වොත් නිවැරදියි.

ජීවිතයේ දුටු සියලුම සිහිනයන් තම උත්සාහයෙන් සැබෑ කරගත් ඇය කියා සිටියේ ගුවන් යානා ඉංජිනේරු පිළිබඳව හැදෑරීමටත්, උස පාවහන් පැළැඳි ගුවන් සේවිකාවක් වීමටත් ,රෝස පැහැති ලස්සන සැපපහසු වාහනවල ගමන් කිරීමටත් ඇය සිහින දුටු බව හා ඒ සියලුම සිහිනයන් තම උත්සහයෙන් සැබෑ කර ගත් බවයි.

කොපමණ සාර්ථක තැනැත්තියක වුවත් එයින් උඩඟු නොවී සැමට එක ලෙස සලකන ,නිරහංකාර, සරල තැනැත්තියක වන ත්‍රිකළා කියා සිටින්නේ ඇයව ඇසුරු කරන පුද්ගලයින් ඇය කෙතරම් සරල, නිහතමානී තැනැත්තියක්ද කියා දන්නා බවයි.

ඒ වගේම ඵල ඇති රුකට ගල් ගසන්නා සේම බොහෝ දෙනා ඇය පිළිබඳ බොහෝ හොඳ මෙන්ම නරක කටකතා ද පතුරවා ඇති අතර ක්ෂේත්‍රයේ බොහෝ දෙනාව ඇය අතේ දුරින් ඇසුරු කරන නිසාත් ,

ඇය යන සෑම තැනකම ඇයගේ ආදරණීය සැමියා සෙවනැල්ලක් සේ ඇය සමඟ රැඳෙන නිසාත් ඇයගේ චරිතයට කැලලක් වන කටකතා පැතිර නොවුනත් ඇය වසර ගණනක් දුක් මහන්සියෙන් උපයා ගත් මුදලින්,

මිලදී ගත් ඇයගේ සිහින මෝටර් රථය කු’ ඩු විකුණු මුදලින් මිලදී ගත් එකක් යනුවෙන් බොහෝ දෙනා කතා පැතිර වූ බවත් කෙනෙකු දියුණු වනවාට දැක ඉරිසියා කරන මිනිසුන් පිළිබඳව ඇය පවසා සිටියේ ඉතා කලකිරීමෙනි.

ඒ වගේම ඇය එවැනි කිසිදු වරදක් සිදුකර, සමාජයට වැරදි ආදර්ශයක් ලබාදී නොමැති බැවින් ඒ කිසිම කටකතාවක් නිසා නොසැලෙන බවයි කියා සිටියේ.

සෙවණැල්ලක් සේ සවියක් වෙමින් නිරතුරුව ඇය සමඟ රැඳෙන ආදරණීය සැමියා නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට මුහුණ දීමට සිදුවන අයුතු යෝජනා වලින් වැළකී සිටීමට හැකිව තිබෙන ත්‍රිකලා කියා සිටින්නේ,

ඇය පවුලට වගේම තම මානසික නිදහසට මුල් තැන දෙන තැනැත්තියක් බැවින් කුඩා කල සිට ඇසුරු කළ මිතුරන් හැර ක්ෂේත්‍රයේ අන් කිසිවකුත් ලගින් ඇසුරු නොකරන බව හා, party, night club වැනි කිසිවකටත් සහභාගී නොවන බැවින් ඇයට මානසික නිදහස සහිතව සතුටින් දිවි ගෙවීමට හැකිව තිබෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button