අහුලගත්ත ගොසිප්

කවදාවත් තාත්තාගේ ආදරේ කියලා ඉවර කරන්න බැහැ. මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නට

චන්න පෙරේරා නම ඇසූ පමණින් ඔහුගේ කඩවසම් රූපය මෙරට ප්රේක්ෂකයාට අමතක නොවන තරමටම ඔහුගේ ජනප්රියත්වය අදටත් ඒ අයුරින්ම පවතිනවා.

ඔහු තාරුණ්යයේ කඩවසම් පෙනුම නිසා බාල මහලු මෙන්ම තරුණයන්ගේද අවධානය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් ඔහුව හඳුන්වන්නට පුළුවන්.

ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම අද වන විට කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ අධ්යක්ෂවරයෙකු වශයෙන් ද මොහුව හඳුන්වන්නට පුලුවන් වන අතර,

චන්න පෙරේරා මහතා විවාහ වී සිටි මෙරට දක්ෂ සුන්දර ජනප්රිය රංගන ශිල්පිනියක් වන ගයත්රී ඩයස් මහත්මිය හා සම්බන්ධ විවිධ සිදුවීම් නිසා නිතරම සමාජ මාධ්ය තුළ කාගේත් අවධානයට යොමු වූ චරිතයක් වශයෙන් ද චන්න පෙරේරා හදුන්වන්නට පුළුවන්.

මෙරට තරුණියන්ගේ සිහින කුමරා වශයෙන් අදටත් මොහු ව හදුන්වන ලබන්නේ මොහු සතු තරුණ පෙනුම නිසයි. එදා මෙන්ම අදටත් තමන්ගේ කඩවසම් තරුණ පෙනුම රැක ගනිමින් එදා ඔහු ලබාගත් ජනප්රියත්වයේ ඒ අයුරින්ම රඳවා ගනිමින් ප්රේක්ෂක ජනතාව අතරට ගිය මොහු නිහතමානී චරිතයක් වෙනවා.

අද වන විට තමන්ගේ බිරිඳගෙන් සහ දියණියන් දෙදෙනාගෙන් වෙන්ව ජීවත්වන මොහු ආදරය පිළිබඳ මතක් කරමින් කියා සිටියේ මේ ලෝකයේ තිබෙන උතුමි සෙනෙහස, ආදරය මව්පිය සෙනෙහස බවත් එම ආදරයට සීමා නැති බවත් තමන් පියකු වශයෙන් තමන්ගේ දියණියන් දෙදෙනාට බොහෝ සේ ආදරය කරන බවත් චන්න පෙරේරා මහතා කියා සිටියා.

තවදුරටත් අදහස් දක්වමින් චන්න පෙරේරා මහතා කියා සිටියේ තමන් මේ ලෝකයේ වැඩිපුරම ආදරය දක්වන්නේ තමන්ගේ දියණියන් දෙදෙනාට බවත් ජීවිතය පුරාවටම ඔවුන්ට එක සේ ආදරේ කරන බවත්,

තමන්ගේ ඒ ආදරය කොතරම්දැයි කියා ඉවර කිරීමට නොහැකි බවත් පියකු වශයෙන් අදහස් දක්වමින් ඔහු තම දරුවන්ට ඇති ආදරේ පිළිබඳ ආදරේ පිළිබඳ මෙසේ ප්රකාශ කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button