
මේ දිනවල වැඩිම පිරිසක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයන් අතර ඉහළින්ම රැඳෙන ටෙලි නිර්මාණයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” කියලා කියන්නේ.
එහි එන ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින එකිනෙකට වෙනස් වූ චරිත අතර “ගීතිකා” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමි වනු ලබනවා.
ඒ අයගේ ඇති රංගන දක්ෂතාව මෙන්ම සුන්දර, අවිහිංසක, ගැමි රුව නිසා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ ගීතිකා නම් චරිතයට ජීවය එක් කරන ඒ සුරුපී රංගන ශිල්පිනිය තමයි අති දක්ෂ, ජනප්රිය, යොවුන්, නවක රංගන ශිල්පිනී ප්රවීණා දිසානායක කියලා කියන්නේ.
“නාඩගම්කාරයෝ” හි ගීතිකා නම් චරිතය ඇයගේ ප්රථම රංගනය වන අතර තම ප්රථම රංගනයෙන්ම මෙතරම් අති විශාල ජනප්රියත්වයක් ලැබීමට තරම් ප්රවීනා අවාසනාවන්ත වී තිබෙනවා.
“නාඩගම් කාරයෝ” ටෙලි නිර්මාණයට අමතරව මේ දිනවල “international 2” ටෙලි නිර්මාණය සඳහා ද රංගනයෙන් දායක වී සිටින ඇය රංගනයට අමතරව නිවේදනයට හා නර්තනයටද උපන් හපන්කම් දක්වන රංගන ශිල්පිනියක් බවයි අපට දැනගන්න ලැබුණේ.
පවුලේ එකම දරුවා ලෙස උපත ලබා සියලු දෙනාගේම හුරතලයට මෙන්ම ආදරයටද පාත්ර වී සිටින ගීතිකා විවේකයක් ලද සෑම අවස්ථාවකම පවුලේ සාමාජිකයින් සමග හා මිතුරු මිතුරියන් සමඟ විවිධ ස්ථානයන් හි සංචාරය කිරීමට ප්රිය කරන බවයි කියා සිටියේ.

ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය තවත් තරුණයකු හා එක්ව පෙනීසිටි ඡායාරූප එකතුවක් පසුගිය දිනවල සමාජ මාධ්යන් කළබවමින් හුවමාරු වුණේ බොහෝ දෙනෙකුට ඒ ඇයගේ පෙම්වතා යැයි සිතීමට ද යොමු කරමිනුයි.
නමුත් ඒ ඇයගේ පෙම්වතා නොවන බවත්, ගීත රූප රචනාවක් සඳහා සිදු කළ ඡායාරූප දැක්මක් බවයි ඇය කියා සිටියේ. ඉතින් තවමත් අවිවාහක ,යොවුන් වියේ පසුවන මේ සුරූපිනියගේ එම ඡායාරූප එකතුවයි අපි අද ඔබවෙත රැගෙන ආවේ.








