“පන්තියේ පළවෙනියා, දෙවැනියා වුණු කෙනෙක් නෙමෙයි. ලොකුම හීනය වෙලා තිබුණේ නර්තන ගුරුවරියක් වීම”

කාලෙන් කාලෙට රංගන ක්ෂේත්රයට අලුත් තරු එකතු වෙනවානේ. ඉතින් ඒ වගේ කලාවට අලුතෙන් එකුවුණු මෙන්ම, අද වෙද්දී හැමෝගෙම හිත් දිනාගනිමින් ජනප්රිය වී සිටින අපූරු රංගන තාරකාවියක තමයි සචින්තනී කෞෂල්යා කියලා කියන්නේ.
කියාදෙන්න ආදරේ තරම් ටෙලි කථා මාලාවේ, “දිගැසි” චරිතය තුළින් ඔබ හමුවට එන්නේ ද සචින්තනී කෞෂල්යා යි. මේ වෙද්දී කොළඹ විශ්ව විද්යාලයේ නීති පීඨයේ තමයි සචින්තනී තම උසස් අධ්යාපනය හදාරන්නේ.
ඉතින් සචින්තනී මේ දවස් වල නීති විද්යාලයේ විභාග කටයුතු වෙනුවෙන් සූදානම් වෙමින් සිටින අතර, ඇගේ හිතේ නීතිය සම්බන්ධයෙන් මෙන්ම රංගනය සම්බන්ධයෙන් ද කුඩා කල පටන් කිසිම හීනයක් නම් තිබිලා නැති අතර, ඇගේ හීනය වෙලා තියෙන්නේ කවදම හෝ දවසක නැටුම් ගුරුවරියක වීම වනවා.
ඉතින් එතනින් පස්සේ සචින්තනීගේ හැම හීනයක් ම වෙනස් වෙනවා. කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්යාලයෙන් තමයි සචින්තනී අධ්යාපනය හදාරන්නේ.
පාසලේ දඟකාර චරිතයක වන සචින්තනී මෙන්න මේ වාගේ හරි අපූරු කථාවක් තමයි කියන්නේ. “මම පාසල් යද්දී දඟ මල්ලක් කිවුවොත් නිවැරදි යි.
ඉතින් පංතියේ කවමදාවකවත් පළවෙනි දෙවනි තැන ගන්න මට ලැබිලා නෑ. පංතියේ 30 වෙනියා වෙලත් තියනවා මං. මං ශිෂ්යත්වේ පාස් වුණෙත් නෑ.
ඕලෙවල් ඉතාමත්ම විශිෂ්ඨ අන්දමින් සමත් වුණෙත් නෑ. ඒත් අද මං නීති පීඨයේ ඉගෙන ගන්නවා. මං කොච්චර නම් දඟ වැඩ කරත් පාසල් කාලේ බාහිර කටයුතු ක්රීඩා කටයුතු වලට නම් අනිවාර්යෙන්ම සහභාගි වෙනවා.
මං කොච්චර දඟ වුණත් අධ්යාපනය අත හැරියේ නම් නෑ” කියලයි. සචින්තනී කලාවට හරිම ආස චරිතයක වන අතර, ඇය කලාව රස විදන අතර කුඩා කල ඉදලම අධ්යාපනය මෙන්ම බාහිර වැඩත් කරපු නිසා වර්ථමාන ජීවිතයේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්නට ඇයට හැකි වී තිබෙනවා.
ඉතින් මේ වගේ තැනකට එන්නට ඇයට ඇගේ දෙමාපියන් මෙන්ම එකම සහෝදරියත්, විශ්ව විද්යාල යාළුවෝ පවා උදව් උපකාර කරලා තියනවා.
ඔන්න ඉතින් සචින්තනී තවමත් ආදරවන්තික් නම් නෙමෙයි. ඒ වුණත් දැනට අවුරුදු 2ට කලින් නම් සචින්තනී ආදරවන්තියක් වෙලා ඉදලා තියනවා.
ඔන්න ඉතින් මේ අපූරු රංගන ශිල්පිනිය සචින්තනී ගේ ලොකුම බලාපොරොත්තුව තමයි නීතිඥවරියක විදියට දිවුරුම් දීම වනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි..
මේත් සමඟම රංගනටත් දායක වෙමින් ව්යාපාරික ක්ෂේත්රයටත් යොමු වෙන්නට ඇගේ හිතේ අදහසක් තියනවා” කියලයි හැමෝගේම හිත් දිනාගන්නට සමත් සචින්තනී කෞෂල්යා නවක රංගන ශිල්පිනිය කියා සිටින්නේ.








