
විවාහයෙන් පසු පවුල් ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් බිරිඳ සහ සැමියා අතර ඇති එකමුතුකම වගේම දුකේදී සැපේදී එකිනෙකා සමග දුක සැප බෙදා ගැනීමද ඉතාම වැදගත් කරුණක් වනවා.
ඉතින් ඒ වගේ තම බිරිඳට සවියක් වුණු සැමියකු පිළිබඳව පසුගිය දිනක වාර්තා වුණා. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියානු රාජ්‍යයෙන් වුණත් මේ කතාවේ කතා නායකයා ශ්‍රී ලාංකික තරුණයකුයි.
තම ආදරණීය බිරිඳට මෝටර් රථය තුළ බිළිඳෙකු ප්‍රසූත කිරීමට සිදු වූ අවස්ථාවේ වින්නඹු මවගේ කාර්යභාරය ඉටු කරමින් ඇයට සහය වෙමින් ඕස්ට්‍රේලියාව තුල මෙන්ම ශ්‍රී ලංකාව තුලත් අප්‍රමාණ ජනතා ප්‍රසාදයට ලක් වුන,කතා බහට ලක්වුන මේ ආදරණීය සැමියා තමයි ශ්‍යාම් කෝට්ටේගොඩ කියලා කියන්නේ.
ඉතින් එවැනි ආදරණීය තරුණයකුගේ බිරිඳ වීමේ වාසනාව උදා කරගෙන තිබුණු ඇය තමයි මාධවී ලෙව්කේ කියලා කියන්නේ. ඉකුත් ජනවාරි මස විසි වන දින මුහුණ දීමට සිදු වූ මෙම සිදුවීම සිදුව ඇත්තේ
තම බිරිඳ රෝහල්ගත කිරීමට නියමිතව තිබූ එදින ඔහු බිරිඳව රෝහල වෙත රැගෙන යාමට පෙර ඔවුන්ගේ දියණිය වන බුවී දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සිදුවීම නිසා සිදුව ඇති මද ප්‍රමාද දෝෂයක් නිසයි.
කෙසේ නමුත් ඔහුට ඒ වන විටත් තම බිරිදව රැගෙන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර මාටර් මාතෘ රෝහලේ හදිසි සේවා ප්‍රදේශයට පැමිණීමට හැකි වුණත් ඇයට රථයෙන් බැස රෝහල තුළට ඇවිද ගෙන යාමට අපහසු බැවින්
රෝද පුටුවක් රැගෙන ඒමට ඔහු මෝටර් රථය රෝහල් රථ ගාලේ නවතා ඇයවද එහි රඳවා රෝහල තුළට යෑමට සූදානම් වූ විට ඇයගේ මුවින් පිට ඇත්තේ “එයා එනවා” යන වචන ටිකයි.
එවිට ඔහු වාහනයේ දොර විවර කල පසු දැක ඇත්තේ තම බිළිඳාගේ භාගයක් එලියට පැමිණ තිබෙන දර්ශනයයි. ඉන්පසු ඔහු බිලින්දාව දෑතින් අල්ලගෙන උදව් ඉල්ලා කෑගැසූ බවයි ශ්‍යාම් කියා සිටියේ.

එම අත්දැකීම පිළිබඳ ව මාධවී කියා සිටියේ ඇය බොහෝ සතුටු වන බවත්, ඒ හැම දෙයක්ම ඉතා ඉක්මනින් සිදු වූ බවත් ,තමා ඒ පිළිබඳව දැන ගැනීමටත් පෙර ඉදිරිපස අසුනේ සිටි බිළින්දාව සැමියා විසින් අල්ලාගත් බව හා බිලින්දාගේ හැඬීම ඇසුණු විට ඇයට අප්‍රමාණ සතුටක් දැනුණු බවයි.
ඉන්පසු ඔවුන් සිටි ස්ථානයට රෝහල් වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇති අතර වෛද්‍යවරුන්ගෙන් බිරිඳ සහ බිලිදා නිරෝගී සුවයෙන් පසුවන බව දැනගත්විට දෙනෙතට කඳුළු ඉනූ බවයි ශ්‍යාම් කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය මඟින් ද ඔහුගේ ක්‍රියාව ඇගයුමට ලක් කර ඇති අතර ඔවුන්ගේ ආදරණීය සිඟිත්තා පුතකු බවත්, ඔහුට තවම නම් තබා නොමැති බවයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් ශ්‍යාම්,මාදවී ආදරණීය යුවලට සහ ඔවුන්ගේ අලුත උපන් පුංචි පුතු හට අපි සුබ ප්‍රාර්ථනා එක්කර සිටිනවා.








