අහුලගත්ත ගොසිප්

මගේ පෙනුම නිසා තමයි ඒ වගේ දේවල් මට ලැබුනේ

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන “දිවිතුරා”, “shadow” හරහා ඔබ ගේ ආලින්දය හැඩ කරන ඇය තමයි සුරූපී රංගන ශිල්පිනී සුදීක්ෂා සමාධි පෙරේරා කියලා කියන්නේ.

දුටුවන් වශී කරවන සුළු සුන්දර රූ සපුවකට මෙන්ම මනරම් කෙස් කලබට උරුමකම් කියන ඇය වර්තමානයේ රංගන ශ්‍රේෂ්ත්‍රය ට පිවිසි නවක රංගන ශිල්පිනියන් අතරින් ඉදිරියෙන්ම තැබිය හැකි රංගන ශිල්පිනියක් කිව්වොත් ඔබත් පිළිගනු ඇති.

මව,පියා හා බාල සොහොයුරෙකු ගෙන් යුත් පවුලේ එකම දියණිය ලෙස උපත ලබා ඇති ඇයගේ පියා පොලිස් s.i. නිලධාරියකු ලෙසත්, සොහොයුරා එන්.ඩී.බී බැංකුවේ මැනේජර් වරයෙකු ලෙසත් සේවය කරන බවයි කියා සිටියේ.

ඒ වගේම විවේකයක් ලද සෑම අවස්ථාවකම තම පවුලේ සාමාජිකයන් හා එක්ව ගත කිරීමටත්, නිදාගැනීමටත් ප්‍රිය කරන බවයි සුදීක්ශා තවදුරටත් කියා සිටියේ.

ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයන් නිරූපණය කිරීමට ප්‍රිය කරන ඇය කියා සිටියේ මෙතෙක් ඇයට රංගනයෙන් දායක වීමට ලැබී ඇත්තේ දඟකාර, කටකාර චරිතයන් බැවින් ඉන් ඔබ්බට ගොස් වෙනස් ආකාරයේ චරිතයන් ද නිරූපණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ වගේම මිතුරන් සමගින් නිදහසේ, සතුටින් කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කරන ඇය රංගනයට අමතරව තමන්ගේම කියා රූපලාවන්‍යාගාරයක් ආරම්භ කර පවත්වාගෙන යන බවත්, සවි ශක්තිය ඇති කාලයේ, වෙහෙස වී මුදල් ඉපයීමට හැකි කාලයේ අලස නොවී වැඩ කටයුතු කළ යුතු බවයි ඇය කියා සිටියේ.

එබැවින් ඇය රංගන කටයුතු වලට අමතරව තමන්ගේම කියා ව්‍යාපාරයක් ලෙස රූපලාවන්‍යාගාරයේ වැඩකටයුතු ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යන බව පවසමින් කියා සිටියේ අනාගතය කෙලෙසක වේ දැයි නොදන්නවා වුවත් වර්තමානයේ සිට අනාගතය සැලසුම් කරන බවයි.

ඒ වගේම කුඩා කල සිට බොහෝ දේ සඳහා දක්ෂතා දක්වා ඇති සමාධි පාසල් කාලයේ ක්‍රීඩා අංශයන් ගෙන් මෙන්ම නාට්‍ය තරගයන් ගෙන් ද සමස්ත ලංකා දක්වා ශූරතාවන් ලබාගෙන ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

රංගන ශිල්පිනියක ලෙස ගමන් අරඹා සාර්ථක ලෙස යන මේ ගමනේ ඉදිරියේදී නිෂ්පාදකවරියක ලෙස ද කටයුතු කිරීමට සිහින දකින මේ සුරූපී රංගන ශිල්පිනියගේ සියලුම බලාපොරොත්තු එලෙසටම සාර්ථක වේවා කියා අපි ද ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button