
සමාජ මාධ්යයන් ඔස්සේ නිතර දක්නට ලැබෙන ,කතාබහට ලක්වන, නිරන්තරයෙන් පුවත් මවන, බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින ජනප්රිය රංගන ශිල්පීන් යුවළක් තමයි දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ.
තම ජීවිතයේ සුවිශේෂ වූ සියලුම සිද්ධීන් තම රසික රසිකාවියන් සමග නිතරම බෙදාහදා ගැනීමට කටයුතු කරන ඔවුන් ඉකුත් දිනයක ලැබූ සොදුරු මව්,පිය පදවියේ සතුටද ප්රේක්ෂකයින් සමග බෙදාහදා ගැනීමට කටයුතු කලේ රසික රසිකාවියන් සමග ඔවුන්ට ඇති ලෙන්ගතුකම නිසාම බව කිවයුතුයි.
මවක් වුවත් තම රුව එලෙසටම රැක ගනිමින් දිනෙන් දින තම රුව ඔප්නන්වා ගන්නා රංගන ශිල්පිනියක වන ඇය විවිධ වූ විලාසිතාවන් මගින් ද රුවට මූලික ස්ථානයක් ලබා දෙන තැනැත්තියක් කිව්වොත් නිවැරදි.
සුරූපී ,හුරුබුහුටි, දඟකාර,හැඩකාර රුව නිසාම වඩාත් ප්රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින ඇය තමා ලස්සන කරන විලාසිතාවන් නිරන්තරයෙන් තම රසිකාවියන් සමඟ ද බෙදා හදා ගැනීමට යොමුවන නිහතමානී, නිරහංකාර හදවතක් හිමි රංගන ශිල්පිනියක් බව ඔබත් පිළිගනු ඇති.
නිරන්තරයෙන් විලාසිතාවන් සඳහා යොමුව ,ඡායාරූප ලබාගන සමාජ මාධ්යන් ඔස්සේ පළ කරන ඇය පසුගිය දිනක සාරංග සමඟ ලබාගත් සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්යයන් තුල සැරිසරන විට අපට දක්නට ලැබුණා.
ඉතින් ඔවුන්ගේ ආදරයට සුබ ප්රාර්ථනා එක් කරමින් ඔවුන්ට ආදරේ කරන ඔබත් සමග ඒ සුන්දර ඡායාරූප පෙළ බෙදාගන්න අප සිතුවා.
ඉතින් අද අපි ඔබවෙත රැගෙන ආවේ ඔබ සැම ගොඩක් ආදරේ කරන ජනප්රිය ,අති දක්ෂ රංගන ශිල්පී දිනක්ෂි සහ සාරංග ආදරණීය යුවලගේ සුන්දර ඡායාරූප එකතුවකුයි.









