අහුලගත්ත ගොසිප්

අකමැත්තෙන් වුනත් බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් පස්සට දැම්මා. ධනංජි තාරුකා

පුංචි තිරයේ, රිදී තිරයේ මෙන්ම වේදිකාව තුළ ද දස්කම් දක්වන රුව ගුණ මෙන්ම දක්ෂ තාවය අතින් ද ඉතා ඉහළින් තැබිය හැකි වර්තමානේ රංගන ශ්රේෂ්ත්රයේ සිටින හැඩකාර ,දඟකාර, විසේකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් එකඟ වනු ඇති.

වැලි පවුරු, එක දවසක අපි ,නිහඬ සෙවනැලි ,සීමා නෑ ආකාසේ… වැනි සිනමාපට හරහා මෙන්ම ආටක නාටක… වැනි ටෙලි නිර්මාණයන් හරහාද ප්රේක්ෂක ආදරය නොඅඩුව දිනා සිටින ඇය අති දක්ෂ, ජනප්රිය, සුරූපී රංගන ශිල්පිනී ධනංජි තාරුකා යි.

අහබු ලෙස රංගන වරම් හිමි කර ගන්නා ඇය රංගනයට දොරටු විවර කරගත් අයුරු පිළිබඳව කියා සිටියේ ඉතා අහම්බයෙන් රුවන් අදිකාරි නම් ඡායාරූප ශිල්පියාගේ මුණගැසීමත් සමග නිරුපිකාවක වීමේ වාසනාව උදාකර ගන්නා ඇය ඒ හරහා රංගන ආරාධනා ලබමින් රංගන ශිල්පිනියක් ව මෙතෙක් දුරක් පැමිණි බවයි.

ටෙලි නිර්මාණ ,සිනමා නිර්මාණ මෙන්ම ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් තුලින් ද නිතර දක්නට ලැබෙන රංගන ශිල්පිනියක වන ධනංජි පාසල් කාලයේ සිට රංගනයට දක්ෂතා දක්වා ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

මව ,පියා හා බාල සොයුරන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලේ එකම දියණිය ලෙස උපත ලබා කොළඹ රත්නාවලී බාලිකා විද්යාලයෙන් අධ්යාපනය ලබා ඇති ඇය රංගනයට මෙන්ම අධ්යාපනයට විශිෂ්ට දක්ෂතා දක්වා ඇති තරුණියකි.

2019 වසරේ විවාහ දිවියට ඇතුළත්ව මේ වන විට වසර දෙකක කාලයක් පුරාවට සුන්දර ලෙස තම විවාහ දිවිය ගත කරන ධනංජි කියා සිටියේ පසුගිය covid සමයේ නිවසට වී සිටීමට සිදු වූ නිසා තම නිවැසියන් සමඟ ළංව ඇසුරු කරමින් ජීවිතය බෙදාහදා ගැනීමට අවස්ථාවක් උදා වූ බවයි.

විවාහයෙන් පසු රංගන කටයුතු අත් නොහැර සිදුකරගෙන යන ඇය පවසන්නේ ඇගේ ආදරණීය සැමියා ඇයගේ සියලු වැඩකටයුතු සඳහා අත්වැලක් වන බවත්, ඔවුන් හොඳින් තේරුම් අරන් ජීවත් වන බැවින් විවාහ ජීවිතය හරිම සුන්දර බවයි.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන මේ දඟකාර රංගන ශිල්පිනිය ධනංජි තරුකා ගේ ඉදිරි වැඩ වැඩකටයුතු සියල්ල එලෙසටම ඉෂ්ට වේවා කියා අපි ඇයට සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button