
මීට ටික කාලයකට පෙර පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පියෙකු වශයෙන් කාගේත් ආදරේ දිනාගත් ඇය අද වන විට මේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගනු ලබනවා.
ඇය නමින් ෂෙහානි කහදවල වේ. ගීත රූප රචනාවකට පෙනී සිටීම කලා ක්ෂේත්‍රයේ පැය පිවිසි ප්‍රථම අවස්ථාව වුණා. ඉන් අනතුරුව දෙන්න නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් වශයෙන් කටයුතු කිරීමට ඇයට අවස්ථාව උදා වූ අතර,
රංගන ශිල්පිනියක් වශයෙන් ඇයට දෙන්න නාලිකාවේ විකාශය “ඇසි” ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහා අවස්ථාව කුඩා වුවත් ඇය ප්‍රේක්ෂකයා හඳුනන ආදරණීය රංගන ශිල්පිනියක් බවට පත්වුණේ සුජාතා ටෙලි නාට්‍යය ඔස්සේ ය.
චරිතාංග නිළියක් වෙමින් සිනමා නිර්මාණ වලට ද දායක වීමේ ආශාවෙන් සිටින ඇයගේ සුන්දර රූ සපුව නිසාම බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අද වන විට ඇයව හඳුනනු ලබනවා.
රංගන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව නිරූපණ ක්ෂේත්‍රය තුළ ද ඒ වන විට ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ඇය පුංචි තිරයේ අහිංසක පෙම්වතියක් ලෙස ද බොහෝ දෙනා හඳුන්වනු ලබනවා.
අපේ රටේ තරුණයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ සුන්දර රූ සපුවක් හිමි ඇය තවමත් තනිකඩ යුවතියක් වනවා. කිසි නමුත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් නිසා බොහෝ දෙනාට ඔයාගේ මෙම වෙනස් පෙනුම පිළිබඳ කතාබහට ලක් කරනට වු අතර
“පාර වසා ඇත” ටෙලි නාට්‍ය වෙනුවෙන් ඇය තමන්ගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරන්නට කටයුතු කර තිබූ අතර ඇයගේ වෙනස්ම රූපයකින් මේ දිනවල දැක ගැනීමට හැකි වනවා.
ඇයගේ මේ වෙනස්ම පෙනුම නිසා බොහෝ තරුණයන්ගේ අවධානයටඇය මේ දින වල යොමු වෙලා ඉන්නනවා. රංගනය වෙනුවෙන් මෙවන් කැප කිරීම් සිදු කරමින්,
තමන්ට ලැබුනු චරිතයට සදාරණයක් ඉටු කරමින් ප්‍රේක්ෂකයා අතරට යන මෙවන් තරුණ රංගන ශිල්පිනීන්ගේ ඉදිරි රංගන කටයුතු සාර්ථක ලෙස සිදු කරගෙන යාමට හැකි වේවා යැයි ප්‍රේක්ෂක අපි සුභ පැතුම් එක් කරමු.








