අහුලගත්ත ගොසිප්

ලංකාවේ ගොඩක් කලා කාරයන්ගෙ පටන් ගැන්ම විතරයි හොඳ… අවසානය එච්චර හොඳ නැහැ. රොෂාන් ප්‍රනාන්දු

කණ්ඩායම් සංගීතය කිව්වම එදා මෙදා තුර සංගීත ක්ෂේත්රයට බිහි ව තිබෙන නොයෙකුත් සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නාමයක් තබා තිබෙන සංගීත කණ්ඩායම් බිහි ව තිබෙන්නේ ඉතා අතලොස්සක් කිවුවොත් නිවැරදියි.

ඒ අතරින් වැඩිම ප්රේක්ෂක පිරිසක් ආදරය කරන, වැළඳ ගෙන සිටින එදා මෙන්ම අදටත් පුරා වසර 30 ක කාලයක් පුරාවට ජනප්රියත්වයේ හිණිපෙත්තේ රැඳෙන සංගීත කණ්ඩායමක් ලෙස “ෆ්ලෑෂ් බෑක්” සංගීත කණ්ඩායම හදුන්වන්න පුළුවන්.

එහි සාර්ථකත්වයට සංගීත කණ්ඩායමේ සිටින සාමාජිකයන්ගේ ඇති හැකියාව, දක්ෂතාවය ,කැප කිරීම මෙන්ම නිවැරදි දිශානතියකට මෙහෙයවන බුද්ධිමත් දක්ෂ නායකත්වයක් ද අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි.

ඉතින් අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ “ෆ්ලෑෂ් බෑක්” හි නායක රොෂාන් ප්රනාන්දු සහ ඔහුගේ සුන්දර කැදැල්ල පිළිබඳවයි.

සුපෙම් සුවඳක් අරන්, සුළඟ වගේ දඟ කරන, හමුවෙන්නට සමුගන්නට, තව එක සැරයක්, මා සිත බැදුනේ…වැනි සුවහසක් රසික සිත් තුළ රැව් පිළිරැව් දෙන ගීත අති විශාල ප්රමාණයකට හිමිකම් කියන ඔහු අති දක්ෂ ගායන ශිල්පියකු මෙන්ම වාදන ශිල්පියකු ද වනවා.

ඒ වගේම ඔහු විසින් ගායනා කරන ගීත රාශියක් මෙන්ම වෙනත් ගායන ශිල්පීන් බොහෝ දෙනෙකුට ද ඔහු විසින් ගීත නිර්මාණය කරන ලබාදී ඇති බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඉතා නිහතමානී, පරිත්යාගශීලී, සොඳුරු හදවතක් හිමි කලාකරුවකු වන රොෂාන් අවස්ථාවක් ලද සෑම අවස්ථාවකම අන් අයට උදව් උපකාර කිරීමට නොපැකිලිව ම ඉදිරිපත් වන ගායන ශිල්පියකු බව අවස්ථාවන් රාශියක දීම ඔහු අපට ඔප්පු කර පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම බොහෝ දෙනකුට ආදර්ශය ගත්තහැකි දිවියක් ගත කරන ඔහුගේ සාර්ථකත්වයට මූලික හේතුව ලෙස ඔහුගේ ඇති ධනාත්මක චින්තන හැකියාව හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ඔහුගේ දිවියට අත්වැලක් වෙමින් නිරතුරුවම ඔහු සමග ඔහු අසලම සවියක් වෙමින් රැඳී සිටින ඔහුගේ සුරූපී ප්රිය බිරිඳ වන තිළිණි ප්රනාන්දු මෙන්ම දියණිය හා පුතුන් දෙදෙනාද ඔහුට අතිවිශාල ශක්තියක් මෙන්ම දිවියට අර්ථයක් සපයා තිබෙනවා.

ඒ වගේම දාහත් හැවිරිදි වියේ පසුවන රොෂාන්ගේ සුන්දර දියණිය රොමාෂා අපොස සාමාන්ය පෙළ නිම කර පෞද්ගලික උපාධියක් හදාරන බවත්, පුතුන් දෙදෙනා දාහතර හැවිරිදි වියේ සහ එකොළොස් හැවිරිදි වියේ පසුවන බවයි අපට දැනගන්න ලැබුණේ.

එමෙන්ම පසුගිය කොවිඩ් සමය ප්රයෝජනයට ගනිමින් තම දිවියට බොහෝ අලුත් දෑ එකතු කරගනිමින් සාර්ථක ලෙස පවුලේ සාමාජිකයින් සමග සතුටින් කාලය ගත කර ඇති රොෂාන් කියා සිටියේ කිතුනු භක්තිකයකු වන ඔහු දෙවියන් ද අදහමින් ලෝවැසියන්ට නිදුක්, නිරෝගී ,ශාන්තිය ප්රාර්ථනා කර සිටි බවත් ,

තම බිරිඳ හා දරුවන් සමග විවිධ වූ ආහාර පාන අත්හදා බැලූ බවත්, තම ගෙවත්තේ වගා කටයුතු සිදු කළ බව හා නව ගීත නිර්මාණයන් කිරීමට ද කාලය වෙන් කර ගනිමින් ලැබුණු කාලයෙන් උපරිම ඵල නෙලා ගත් බවයි.

එමෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ තිළිණි ද පවසා සිටියේ රොෂාන් ඇයට බොහෝ සවියක් උනු ආදරණීය සැමියකු බවත් ගෙදරදොර බොහෝ දේ සඳහා ඔහුගෙන් කියා නිම කළ නොහැකි තරම් උදව් උපකාර ලැබුණු බවයි.

ඉතින් බොහෝ දෙනාට ආදර්ශයක් වෙමින් ඉතා සහයෝගයෙන් සොඳුරු ලෙස ගෙවන රොෂාන් ප්රනාන්දු සහ තිළිණි ඇතුළු ඔවුන්ගේ ආදරණීය සුන්දර කැදැල්ලට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button