මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා සශායා

වර්තමානයේ විවිධ නාළිකාවල සුන්දර බොහෝම ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් විකාශය වන අතර එම ටෙලි නාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවකයින් ගණනාවක් දැක ගැනීමට හැකි වනවා.
එම නවකයින් අතර ළමා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ද මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබෙනවා. ඉතාමත් සුන්දර කතාමාලාවක් කින් සමන්විත මෙම ටෙලි නාට්‍යය අතර,
මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වන ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍යයේ, සක්කාරං වැනි ටෙලිනාට්‍ය තුළ ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයට පාත්‍ර වූ සුන්දර ළමා රංගන ශිල්පිනියක් සිටින අතර ඇය නමින් සශායා දෙව්නාවී අප්සරා වේ.
නම තරමටම සුන්දර හුරතල් දියණියක් වන ඇය පෙර පාසැල් යන අවදියේ සිටම රංගන කටයුතු සඳහා සහභාගී වූ දියණියක් වනවා. මේ නිසාම මේ වන විට ටෙලි නාට්‍ය විස්සකට අධික ප්‍රමාණයක ඇය තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
පුංචි වයසකදී මේ ආකාරයෙන් රඟපෑම් කටයුතු සඳහා ඇයට අවස්ථාව උදා වීම සැබැවින්ම රංගන කටයුතුවලට ඇයට ඇති දක්ෂතාවය නිසා බව මතක් කළ යුතුමයි.
තවමත් පාසල් වයසේ පසුවන ඇය 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් විය. පාසලේ අධ්‍යාපන කටයුතු මෙන්ම රංගන කටයුතුත් සමබරව සිදුකරගෙන යන බව ඇය තම අදහස් දැක්වීමක දී ප්‍රකාශ කර තිබුණා.
රඟපෑම් කටයුතුවලට අමතරව ගීත රූප රචනාවලට මෙන්ම වෙළද දැන්වීම් සදහාත් මේ දියණිය තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
චිත්‍ර අඳින්න ටත් නර්තනයටත් දක්ෂ ඇයගෙන් තමන් කැමැති රංගන ශිල්පින් පිළිබඳ විමසන විට සහ රඟපෑම් කටයුතු කරන අවස්ථාවේදී ඇයට අමතක නොවන සිදුවීම් කුමක්ද යන්න පිළිබඳ විමසන විට ඇය කියා සිටියේ
උපුටා ගැනීම
“මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා.“
‘සිත්’ ටෙලි නාට්‍යයේ මට කරන්න වුණේ පාරමී කියලා ඇවිදින්න බැරි කෙනෙක්ගේ චරිතයක්.
ඉතින් මට රෝද පුටුවක වාඩි වෙලා තමයි ඒ චරිතය කරන්න වුණේ. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.“
උපුටා ගැනීම අවසන්
තාමත් පාසල් වයසේ පසුවන මේ පුංචි දක්ෂ රංගන ශිල්පිනියගේ අනාගත බලාපොරොත්තුව නර්තන ආචාර්යවරියක් වීම බවත් රංගන කටයුතු ඔස්සේද දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමට තමන් කැමැත්තෙන් සිටින බවත්,
ඇය මෙම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් කර තිබූ අතර ඇයගේ එම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි ප්‍රේක්ෂක අපි ආදරයෙන් ඇයට සුබ පැතුම් එක් කරමු
‘හදගැස්ම’ ඇසුරින් තොරතුරු ලබා ගන්නා ලදී








