
දිල්කා සමන්මලි යන නම ඇසූ පමණින් ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඇය නිවේදන කටයුතු ඔස්සේ මෙරට ජනතාවගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා.
දක්ෂ නිවේදිකාවක් වශයෙන් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට සමත් වූ ඇය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා.
දෙරණ නාලිකාවේ නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර ඇයට එම සුවිශේෂී නිවේදන හැකියාව නිසාම මෙරට ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගත් චරිතයක් ද වනවා.
එමෙන්ම දෙරණ 360 දේශපාලන වැඩසටහන ඔස්සේ ද නිවේදන කටයුතු වෙනස්ම මානයකට රැගෙන ගිය නිවේදිකාවක් වශයෙන් ද ඇය කා අතර ප්‍රසිද්ධ වුණා.
පසුගිය කාලයේ එනම් ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් දැක ගැනීමට නොහැකි වූයේ ඇය දෙවන වරටත් මව් පදවිය ලැබීමට සිටි නිසයි.
කෙසේ නමුත් අද වන විට දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක් වන ඇයගේ පුංචිම දියණියගේ පළමු උපන්දිනය උපන් දිනය පසුගිය දිනක සමරන්නට වූ අතර ඔවුන් බොහෝ දෙනෙකුට ආදර්ශය වෙමින් දියණියගේ පළමු උපන්දිනය දහම් කටයුතුවලට මුල්තැන දෙමින් සිදු කරන්නට වුණා.
දියණියගේ උපන් දිනය වෙනුවෙන් ඇය ඉතාමත් ආදරණීය සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමි සටහන් කරන්නට කටයුතු කර තිබූනා.

උපුටා ගැනීම
“ජීවිතය කියන්නෙ පහසු , සුමට ගමනක් නෙමෙයි. පුංචි සනධියෙ ඉදං මුහුණදුන්න මහ ගොඩක් අභියෝග නිසා අද ජීවිතය පහසුවක්… හැමදාම ඒ මාර්ගය පහසු කළේ බුදු දහමේ ඇසුර.
චූටි දෝණිගෙ පළවෙනි උපන්දිනේට පළවෙනි ජීවිත පාඩම.. ධර්මය ඇසුරු කරන්න.ඒ ඇසුර හැමදාම ඔයාගෙ ජීවිතය පහසු කරාවි. ලෝකය කොයිතරම් වේගයෙන් ගියත් ඔයා හෙමින් යන්න,
ඒතකොට ඔයාට නොවැටී යන්න පුළුවන්..ලෝකයා ඔයා දිහා කොයි විදිහට බැලුවත් ඔයා හැම දෙයක් දිහා ම උපේක්ෂාවෙන් බලන්න ඒක ඔයා ගෙ මනසට පහසුවක් වෙයි. ඕනෑම දෙයක් සම සිතින් දරාගන්න පුරුදු වෙන්න ජීවතය වදයක් නෙමෙයි කියල ඔයා ට දැනේවි.
මගේ චූටි දෝණි ට ප්‍රිය ඇසුර නිරන්තරයෙන් ලැබෙන සුබ අනාගතයක් වේවා..”
උපුටා ගැනීම අවසන්
දිල්කා සමන්මලී මහත්මියගේ සිඟිති දියණියට වාසනාවන්ත අනාගතයට සුබ පැතුම් එක් කරමින් ඇයට සුබ සුභ උපන්දිනයක් යැයි අපි ද ප්‍රාර්ථනා කරමු








