අහුලගත්ත ගොසිප්තරු ගොසිප්

ගෙදරින් තහංචි දැම්ම නිසා නිරූපණයෙන් ඉවත් වුණ ශර්මිලා

නිරූපණ ශිල්පිනියක ලෙසත් රංගන ශිල්පිනියක ලෙසත් ප්රේක්ෂක ආදරය නොමඳව ලැබමින් සිට දෙමාපිය කැමැත්ත නිසාම සුවහසක් ප්රේක්ෂකයින් ශෝකයට පත් කරමින් නිරූපණ ක්ෂේත්රයට සමු දී

මේ වන විට රූපලාවණ්ය ශිල්පිනියක ලෙසින් තමන්ගේම කියා රූපලාවන්යාගාරයක් පවත්වාගෙන යමින් තම රුව මෙන්ම අන් අයගේ රුවද හැඩ කරන සුරූපිනියක් ගැන තමයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.

ඇය තමයි බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා සිටින අතිදක්ෂ,රූමත් නිරූපණ ශිල්පිණි ශර්මිලා පෙරේරා කියලා කියන්නේ. සුන්දර කන්ද උඩරට මහනුවර දිස්ත්රික්කයේ ජන්මය ලබමින්

උපතින් රැගෙන ආ සුන්දර රුව නිසාම නිරූපිකාවක වීමේ වාසනාව උදාකර ගන්නා ඇය නිවැසියන්ගේ කැමැත්තට ඉඩ දෙමින් ක්ෂේත්රයෙන් ඉවත් වුවත් අවස්ථාවක් ලැබුනහොත් වෙළද දැන්වීම් සදහා සහභාගි වන බවයි කියා සිටියේ.

ඒ වගේම කුඩා කල සිට රූපලාවන්ය කටයුතු සඳහා ප්රියතාවයක් දක්වා ඇති ඇය හය හතර නොතේරෙන වයසේ සිට සෙල්ලමට වේශ නිරූපණ කටයුතු සිදු කළ බවත්,

ඉන් පසු වසර දහයක පමණ කාලයක් රූපලාවණ්ය පිළිබඳ ලබාගත් ශිල්පයෙන් මේ වෙනවිට මැණික්හින්න නගරයේ “Shermila perera hair & skin care” නමින් සම සහ කොණ්ඩය සම්බන්ධ සියලු දෑ සඳහා රූපලාවණ්යාගාරයක් ආරම්භ කර පවත්වාගෙන යන බවයි අපට දැනගන්න ලැබුනේ.

ඉතින් ඔබ අප කවුරුත් ආදරය කරන මේ සුරූපිනිය ශර්මිලා පෙරේරාගෙ ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා කියා අපි ඇයට සුභාෂිංශන එක් කර සිටිනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button