අහුලගත්ත ගොසිප්

බුවිනි චාපා කෝටිපති සැමියා එක්ක 30වෙනි උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

කලා ක්ෂේත්‍රයේ වගේම රසික රසිකාවියන් අතර ද බොහෝ ආදරයට පාත්‍ර වී සිටින නිවුන් සහෝදරියන් මෙන් හඳුනාගත නොහැකි තරම් එක හා සමාන රුවකට උරුමකම් කියන අති දක්ෂ, ජනප්‍රිය,සුරූපී රංගන ශිල්පිනියන් යුවළක් තමයි බුවිනි චාපා දියලගොඩ හා ඇයගේ ආදරණීය වැඩිමල් සොහොයුරිය වත්සලා දියලගොඩ කියලා කියන්නේ.

වත්සලා විවාහ දිවියට පා තබා මේවනවිට පුංචි දියණියකගේ මවක් වන අතර ඇයගේ ආදරණීය නැගණිය බුවනි ද පසුගිය දිනක කෝටිපති ව්‍යාපාරිකයකු වන “ගාඩියන් ඔටොස්” හි අධිපතිවරයා වන කසුන් දේවින්ද සමඟ යුග දිවියට එළඹෙන්නේ රංගන දිවියට ද සමු දෙමින් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඉතින් පසුගිය දිනක රංගන ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මිතුරන් වගේම ඥාතීන්ද එකතු කරගනිමින් බුවනි තම ආදරණීය සැමියා කසුන්ගේ තිස් වන උපන්දිනය ඉතා සුන්දර අයුරින් සමරමින් ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

ඉතින් මේ ඡායාරූප පෙළ හරි අපූරු අයුරින් රූප ගත කරගෙන තිබුණේ දක්ෂ, ජනප්‍රිය, බොහෝ දෙනෙක් හඳුනන, ආදරය කරන ඡායාරූප ශිල්පියකු වන ධනුෂ්ක සේනාධීර නම් ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් ඔයාලා හැමෝම බෙහෙවින් ආදරේ කරන රංගන ශිල්පිනී බුවිනි චාපා ගේ හා කසුන්ගේ යුග දිවියට මෙන්ම ඉදිරි අනාගතයට හා ඔහුගේ උපන් දිනයට ද සුබ ප්‍රාර්ථනා එක් කරමින් එදින උපන් දිනය දා උපන්දිනය දා රූප ගත වූ සුන්දර ඡායාරූප පෙළක් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button