කතාන්දර සිනමාවෙන් බැහැර වූ සංකල්පීය සිනමා කෘතියක් වන ‘භවතරණ’ ගැන දේවින්ද කියූ කතාව

තරුණ සිනමාවේදියෙකු වශයෙන් කලාවට පිවිසෙන්න අපි මේ කතා කරන සිනමාවේදීයා නමින් දේවින්ද කෝන්ගහගේ වේ. ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “භවතරණ” සිනමා පටය අද වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ සිනමාපටයක් වන අතර මෙම චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත වුනා.
මෙම සිනමා පටය පිළිබඳ කතා කරන විට හෙළ සිනමාවේ නිළි රැජින වන ප්‍රවීන රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මෙම චිත්‍රපටය තුළ දැක ගැනීමට හැකි වනවා.
භවතරණ චිත්‍රපටය පිළිබඳ කතා කරන විට එය අපේ රටේ රජ කළ කීර්ති ශී රාජසිංහ ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන සමය හා සම්බන්ධ කතා කතා පුවතක් පාදක කරගනිමින් නිර්මාණය වූ විශිෂ්ට ගණයේ සිනමා පටයක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.
පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් භවතරණ සිනමාපටයේ සිනමාපටය නිර්මාණය කරන ලද දේවින්ද කෝන්ගහගේ එම චිත්‍රපටය සම්බන්ධයෙන් තම අදහස් පළ කරමින් කියා සිටියේ රටේ පවතින තත්වය හමුවේ වුවත් එම එම සිනමාපටයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් සුබදායි තත්වයේ පවතින බවයි.
මීට වසර අටකට පමණ ඉහතදී රූගත කිරීම් කරන ලද මෙම චිත්‍රපටය අපේ රටේ ඉතිහාසයේ රජවරුන්ගේ භූමිකාව එම සමාජ පරිසරය එම කාලයේ දේශපාලන කරුණු ආදි සමාජ කරුණු ගණනාවක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලැබූ විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් වශයෙන් ද පෙන්වා දෙන්නට පුළුවන්.
එම සිනමා සිනමා පටය පිළිබඳ එහි විශේෂ අවස්ථා පිළිබඳ කතා කිරීමේදී දේවින්ද කෝන්ගහගේ තම අදහස් පළ කරමින් කරුණු ගණනාවක් කියා සිටියා.

උපුටා ගැනීම
“සිංහල රජවරු පිළිබඳව පමණක් විෂය නිර්දේශයට ඇතුළත් කරන වටපිටාවක, එළාරට වෛරයක් ඇති කරන ඉතිහාසය ඉගැන්වීම් තුළ නායක්කාර රජවරුන් දෙදෙනා ඉතිහාසයෙන් සඟවා තිබෙනවා.
බෞද්ධ ඉතිහාසයට, සිද්ධස්ථානවලට, වෙහෙර විහාරවලට වැඩිපුරම අනුග්‍රහය දැක්වූ රජ කෙනකු ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාව ඉතිහාසගත වෙනවා.
ඒ නිසාම සෝලියස් මෙන්ඩිස් මහත්මයා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සිතුවමක් කැලණි රජමහ විහාරයේ සිතුවම් කරනවා. එම ධාර්මික රජතුමාව අධර්මිෂ්ඨ යැයි හංවඩු ගහන සමාජයක මට අවශ්‍යව ඇත්තේ ඉතිහාසය එළියට ගැනීමටයි.
එහි ප්‍රතිඵලයක් ලෙසයි භවතරණ සිනමා නිර්මාණය මම සමාජයට මුදා හරින්නේ.“
“භවතරණ චිත්‍රපටය එයින් වෙනස් වන්නේ එය කතාන්දර සිනමාවෙන් තොරව වෙනත් භාෂා හැසිරවීමේ ක්‍රම එනම් සංකල්පීය සිනමා නිර්මාණයක් ලෙස නිර්මාණය කර ඇති නිසයි.“
“මාලනී ෆොන්සේකා මහත්මියගෙන් මෙම සිනමා කෘතියට ලැබුණේ ලොකු ආලෝකයක්. ඇය වගේම ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, කුමුදු නිශාන්ත, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග, රොෂාන් රවීන්ද්‍ර වැනි පරම්පරා තුනක සංකලනයකින් භවතරණ හැඩ වෙනවා.”
උපුටා ගැනීම අවසන්
විස්තර ලබා ගැනීම – ‘හදගැස්ම’ ඇසුරිනි








