මොන වැඩේට යන්නත් කලින් බබාට දෙන්න කිරි දොවලයි හැම දේම පටන් ගන්නේ

2019 මිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූ, නව පරපුරේ ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනිය තමයි, මහේෂි මධුශංකා කියලා කියෙන්නේ.
ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන්නට වාසනාව ලැබූ මහේෂි මධුශංකාගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගුවන් නියමුවකු වන අතර, ඇය ආදරණීය පවුල් ජීවිතයක් වගේම සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කරන්නේ.
රංගනයෙන් කාලයක් ඈත්ව සිටි මහේෂි මධුශංකා නැවතත් රංගන කරලියට පිවිසෙනවා. “චායා, ඇය” වැනි ජනප්‍රිය ටෙලි කථාමාලාවන්හි හරි අපූරුවට තම රංගන දස්කම් දැක්වූ මහේෂි මධුශංකාට ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂනය දිනාගන්නට හැකිවනවා.
මහේෂි මධුශංකා කියලා කියන්නේ, හරිම සාමාන්‍ය ජීවිතයකට කැමති වගේම පෞද්ගලික ජීවිතේ දේවල් ප්‍රසිද්ධ කරන්නට කැමති නැති චරිතයක් වන අතර, ඇය විවාහ වන්නේ ද මංගල උත්සවයක් නොගෙනයි.
ඉතින් මහේෂි කියනවා, “විවාහය කියන්නේ ප්‍රසිද්ධ කරන්න ඕන දෙයක් නෙමේ. ඒක හඳවතේ විශ්වාසයත් එක්ක ඇතිවෙන්න ඕන උත්තරීතර බැදීමක්නේ කියලත්, මේ වෙද්දී රංගනය නිසා ලැබෙන්න ඕනි හැමදේමත් ඇයට ලැබිලා තියනවා” කියලත් ය.
ඉතින් මහේෂි මධුශංකා කියනවා, “හොඳ රංගන නිර්මාණයන් ඇයට ලැබුණොතින් ඒවායේ රඟපාන්නට භාරගන්නවා කියලත්, ඇයට ලැබිලා තියන වටිනම සම්මානය තමයි, “මව් පදවිය” කියලත්,
ඇයට මවක් වන්නට යනවා කියලා දැනගත් දා වුණත් ඇය ඒක ප්‍රසිද්ධ කරේ නෑ. ඉතින් මාතෘත්වය වගේ දෙයක් පහත් තත්ත්වයකට දාන්න කොහෙත්ම කැමති නෑ කියලත්,
වෘත්තීය ජීවිතය තුළ කොච්චර නම් කාර්යබහුල වුණත්, පාන්දර 3ට ඇහැරිලා කිරිබෝතල් වලට කිරි දොවලා දරුවන් වෙනුවෙන් කටයුතු කරලා තමයි අනිත් දේවල් වලට යන්නේ” කියලත්ය.
ඒත් ඉතින් ගොඩාක් පිටින් දකින අය කියනවාලු මහේෂි මධුශංකා “ළමයින්ට කිරි ටික වත් දෙන්නේ නෑ” කියලා. ඉතින් මහේෂි මධුශංකා ආදරණීය කලාකාරිනිය කියනවා,
“අපි මොන දේ කළත් අපේ හඳවතේ වගේම අපේ ජීවිතේ අංක එක දෙන්න ඕනේ “අපේ ආදරණීය පවුලට” කියලත්, මොකද ජීවිතේ හැමදේම රඳාපවතින්නේ ආදරණිය පවුල මත නේ” කියලත් ය.








