
ඔන්න ඉතින් මේ දවස්වල අපි හැමෝම ආදරයෙන් නරඹන, “සකූගේ ලෝකය” ටෙලි සිත්තමේ, හරි අපූරුවට රංගනයේ යෙදෙන පුංචි සුරතලියක් ගැන තමයි අද නම් කථා කරන්නේ.
ඉතින් හැමෝම දන්න කියන මේ පුංචි සමනලිය තමයි, අපි හැමෝගේම සිත් වසඟයට ගත් සමනලිය, සහේලි සදිත්මා සතරසිංහ කියන්නේ.
පුංචි සහේලිගේ ඉගෙනීම් කටයුතු ගැන කියනවනම් ?
ඔන්න ඉතින් කොළඹ ආනන්ද බාලිකාවේ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නා තවමත් “ටීන්ඒජ්” වයසේ පසුවන, මේ පුංචි සුන්දර දඟකාරි සහේලිගේ ලොකුම බලාපොරොත්තුව තමයිලු හොඳට ඉගෙනීම් කටයුතු කරලා එහෙම හොඳ නිලියක් වෙන එක.
රංගනයෙන් ඇය ලබපු ජයග්‍රහණ මොනවද ?
ඔන්න ඉතින් තාරා නාට්‍යයේ මේ පුංචි සුතලියගේ රංගනයෙ වෙනුවෙන්, 2017 වසරේ දී සුමති සම්මාන උලලේදී, “ළමා තාරකාව” විදියටත්, රයිගම් සම්මාන උලලේ දී කුසලතා සම්මානයන් පවා ලබාගන්නට සමත් වනවා විතරක් නෙවෙයි,
පුංචිම කාලයක් ඇතුලත ප්‍රේක්ෂකයන් අතරට යන්නට වාසනාව ලැබුණු මේ පුංචි සමනලිය සහේලි රංගනයෙන් දායක වුණු දෙවැනි නාට්‍යය වගේම දෙවැනි චිත්‍රපටියත් වෙනුවෙන් සම්මානයට පවා පාත්‍ර වන්නට වාසනාව ලබනවා.
ඒ වගේම සරසවි සම්මාන උලෙලේ කුසතා සම්මානය, “බන්ධනය” චිත්‍රපටය වෙනුවෙන් ලබා ගන්නටත්, සීග්නීස් හි කුසලතා සම්මානය පවා ලබා ගන්නටත් වරම් ලැබූ මේ සොඳුරු පුංචි රංගන ශිල්පිනිය, පළවෙනියටම වෙළඳ දැන්වීම් වල තමයි රඟපාලා තියෙන්නේ නම්.
ඔන්න ඉතින් සහේලිගේ ආදරණීය පුංචිව නම් අපි හැමෝම දන්න කියන කෙනෙක්. ඒ තමයි ජනප්‍රිය ආදරණීය රංගන ශිල්පිනියක වන “ධනංජි තාරුකා” කියන්නේ.
ඉතින් සහේලි කියනවා, “ඇගේ ආදරණීය පුංචි, ධනංජි කියනවාලු සහේලිගේ අම්මාට, ඔඩිෂන් එකක් තියනවා ඒකට සහේලිව එක්කන් යන්නම්” කියලා එහෙම.

රංගන කටයුතු ආරම්භ වෙන්නේ කොහොමද ?
එතකොට සහේලිට වයස නම් අවුරුදු 2 හමාරක් විතරලු. ඉතින් ඒ තමයි ලංකා බෙල් ඇඩ් එක කියන්නේ. ඔන්න ඉතින් ඒකේ තමයි සහේලි මුලින්ම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ හරි අපූරුවට.
සකූගේ ලෝකයේ හරි අපූරුවට රංගනයේ යෙදෙන සහේලිට හරි හරියට උණුසුම් ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර සහේලිගේම වයසේ පුංචි සිඟිත්තන්ගෙන් වගේම වැඩිහිටියන්ගෙනුත් ලැබෙනවාලු සහේලිගේ මෑණියන්ගේ වගේම සහේලිගේ ආච්චි අම්මාගේ දුරකථනයටත්.
ඉතින් ඒ වගේම තාම සහේලි ළමා වියේ පසුවන හින්දා තිර පිටපත් එහෙම ඇගේ පවුලේ ආදරණීයයන් කියවලා එහෙමලු සහේලිගේ රංගනය ගැන තීරණය වෙන්නේ නම්.
ඒ කියන්නේ සහේලිට ලැබෙන චරිත ඇගේ පාසලට වයසට ගැලපෙනවාද වාගේ දේවල් එහෙම. ඔන්න ඉතින් මේ හැම දෙයක් ගැනම හිතලා තමයි මේ පුංචි සමනලිය සහේලි රංගන නිර්මාණ වෙනුවෙන් හරි අපූරුවට දායක වෙන්නේ.








