තාක්ෂණික පුවත්

Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බවයි.

එමෙන්ම මෙම නව වැඩසටහන ඔස්සේ දිවයිනේ සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් (AI tools), ක්ලවුඩ් පරිගණක වේදිකා (cloud computing platforms) සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා නොමිලේ ප්‍රවේශ වීමට පහසුකම් සැලසෙනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් අනාගත පරම්පරාව නව්‍යකරණය සඳහා සවිබල ගැන්වීමත්, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට ඔවුන්ට ඉඩ සලසා දීමත් සිදුවනු ඇති බවයි.

ඒ, අනුව මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button