පියා ඩෙංගු රෝ ‘ගයෙන් පෙළුන නිසා මදුරු මට්ටුවට සිසුවකුගෙන් නව නිපැයුමක්

ඔෂාන් රෂ්මිත වික්රමසූරිය කියන්නේ තම පියා වෙනුවෙන් නව නිෂ්පාදනයක් බිහි කළ දක්ෂ පාසල් සිසුවෙකි. ඔෂාන්ගේ දෑතින් මේ අපූරු නව නිපැයුම බිහිවන්නේ, “ඔහුගේ පියාට ඩෙංගු හැදී සිටින විට, ඔහුට ඒ කියන්නේ ඔෂාන්ට ඇති වුණු අදහසකට” අනුව ය.
බණ්ඩාරගම කොතලාවල ප්රදේශයේ උපන් ඔෂාන් ගේ පාසල වන්නේ බණ්ඩාරගම ජාතික පාසල වන අතර, ඔහු ඉගෙන ගන්නේ 10 වැනි ශ්රේණියේ ය.
පිරිසිදු ජලය යන්න මදුරුවාට කදිම තෝතැන්නකි. විශේෂයෙන් වැහි පිහිලි වැනි වතුර එක් රැස් වන ස්ථානයන්, ඩෙංගු රෝගයේ ව්යාප්තියට බෙහෙවින් බලපා ඇති අතර,
එවන් වූ අවස්ථාවන් හි “ස්වංක්රීයව වැහි පිහිලි සුද්ධ පවිත්ර කිරීමට” තමයි ඔෂාන් විසින් ඔහුගේ නව නිෂ්පාදනය බිහි කරනු ලබන්නේ. මෙම උපකරණය බැටරියෙන් හෝ විදුලි බලයෙන් තමයි ක්රියා කරන්නේ.
ඉතින් මේ අපූරු ස්වයංක්රීය වැහි පිහිලි සුද්ධ කිරීමේ උපකරණය, වර්ෂාවක් නිමා වූ විට වැහි පිහිලි වල රැදී ඇති කොළ රොඩු වැනි අපද්රව්යයන් මෙන්ම ජලය ද ඉවත් කරනවා.
තවද පැය 24කට වරක් තමයි ස්වංක්රීයව මේ උපකරණය ක්රියාත්මක වෙලා, වැහි පිහිලි වල අපද්රව්ය මෙන්ම රැදී ඇති ජලය ද ඉවත් කරන්නේ. ඒක තමයි ඔෂාන් විසින් නිපද වූ මේ අපූරු උපකරණයේ විශේෂත්වය වන්නේ නම්.
ඔන්න ඉතින් ඔෂාන්ගේ අලුත්ම උපකරණයේ තවත් විශේෂත්වයක් තමයි, මේ උපකරණය වැස්සට වුණත් ඔරොත්තු දෙන එක. ඉතින් ඔෂාන් මේ ගැන මෙන්න මේ වගේ හරි අපූරු අදහසක් තමයි කියන්නේ.

ඉතින් ඒ තමයි,
“මගේ තාත්තා ඩෙංගු රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඩෙංගු ව්යාප්තියේ එක් හේතුවක් විදියට ගන්න පුලුවන් වැහැපිහිලි සුද්ධ පවිත්ර නොකිරීම.
ඉතින් ඒ නිසා තමයි මට මේ වගේ අදහසක් හිතට ආවේ. ඉතින් මට හිතුණා වැහි පිහිල්ල සුද්ධ පවිත්ර කිරීම් වලට කාලයත් ශ්රමයත් ඉතිරි කරගනිමින් අලුත් දේකට අත ගහන්නට.
ඉතින් අද මං ඒ සාර්ථකත්වය ලබලා තියනවා. අත්හදා බැලීමක් විදියට මීටර් 3ක් දිග වැහි පිහිල්ලක් අරන්, මා විසින් නිර්මාණය කල උපකරණය ඒකට සවි කරලා බැලුවා වැඩේ හරියනවා ද කියලා.
ඇත්තටම හරිම සතුටුයි වැහි පිහිල්ලේ අපද්රව්ය ජලය වැනි දෑ අයින් කරගන්න මට ඒකෙන් හැකි වුණා. ඉතින් මේකට මට රුපියල් 1200/=ක් විතරයි ගියේ.
දවස් 3ක් විතර වගේ තමයි මේ වැඩේ කරන්න මට ගියේ. ඉතින් මං මේ වෙනුවෙන් පේටන් බලපත්රය ත් ඉල්ලුම් කරලා තියනවා. ඒ වගේම තමයි මගේ නිර්මාණයට සාධාරණයක් කරන්නට, ප්රධාන පෙළේ වැහිපිහිලි නිෂ්පාදන සමාගමුත් මගේ ගෙදරට ආවා”, කියලා.







