උණුසුම් පුවත්තාක්ෂණික පුවත්දේශිය පුවත්

මෝටර් රථයක් තිබෙනවාද.. ඔබගෙන් වන මේ වැරදි ටික හදා ගන්න. එය ඔබට වාගේම මෝටර් රථයටත් ගොඩක් වැදගත් වෙයි.

අද වන විට බොහෝ දෙනා තමන්ගේ පහසුව උදෙසා මෝටර් රථයක් භාවිත කිරීම දක්නට ලැබෙනවා. වැඩි මුදලක් වියදම් කර මෝටර් රථයක් මිලදී ගත් පසු ඒ සඳහා දෛනිකව ඉන්ධන වලට මෙන්ම නඩත්තු කටයුතු සඳහා වියදම් කරන්නට ඔබට සිදු වනවා.

බොහෝවිට නඩත්තු කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට මෝටර් රථයේ භාවිත කරමින් ඔබගේ යම් යම් නොසැලකිලිමත්කම නිසා වෙන්නට පුළුවන්. නොසැලකිලිමත්කම අඩු කරගනිමින් ඔබගෙන්  වන වැරදි කිහිපයක් නිවැරදි කර ගන්නවා ආකාරය තමයි මේ ඔබට ගෙන එන්නේ

1.  බොහෝ දෙනකු පුරුදු වී සිටින්නේ  මෝටර් රථයේ ඉන්ධන සම්පූර්ණයෙන්ම අවසන් වන්නට යන මොහොතේ ඒ සඳහා ඉන්ධන පිරවීමයි.

නමුත් ඔබ කළ යුත්තේ නිතරම ටැංකියේ ඉන්ධන අවම වශයෙන් එහි අර්ථයක් හෝ පවත්වාගෙන යාමයි. නැතිනම් වාහනය ධාවනය කළ නොවන අවස්ථාවලදී එහි එක් වන අපද්‍රව්‍ය ඉන්ධන ටැංකියට ඒක රාශිය වීම නිසා අපේ මෝටර් රථයේ දෝෂ ඇතිවීමේ වැඩි ඉඩකඩක් පැවතීමයි.

2.  බොහෝ දෙනකු මෝටර් රථය යන විට යනවිට gear stick එක මත අත තබා ගෙන යාමට පුරුදු වී සිටිනවා. සැබැවින්ම එය නොකළ යුත්තක්. ඔබට අවශ්‍ය වෙලාවට පමණක් gear එක භාවිත කිරීම සිදුකළ යුතු අතර  අනෙක් සෑම විටම අත්දෙකම සුක්කානම මත තැබිය යුතුයි .

නිතරම ඔබ gear stick එක මත අත තබා ගැනීම නිසයි ඒ සෙලවී බුරුල් වීමට ඉඩ ඇති අතර ගියර් මාරු කිරීමේදී ඔබට ගැටලුකාරි තත්ත්වයට මුහුණදීමට ද සිදුවී. ඒ නිසා  gear stick භාවිතයෙදි වැඩ සැලකිල්ලක් ඔබ දැක්විය යුතුයි.

3.  බොහෝදෙනෙකු කඳු  බෑවුම්වල රිය පදවන විට තමන්ගේ කකුල break paddle  එක මත  දිගු වේලාවක් තබා ගැනීමට පුරුදු වී සිටිනවා. නමුත් එසේ කිරීම තුළින් ඔබගේ මෝටර් රථයේ  break system එක අධික තාපයට ලක් වීම, break paddle  එක ගෙවී යාම සිදුවේ.

4. මෝටර් රථයෙන් ගමනක් යන විට ඔබට මීට පෙර නොඇසූ වෙපැසුණු වෙනස්ම ආකාරයේ ශබ්ද  මෝටර් රථයෙන් ඇසෙන අවස්ථාවක ඔබ ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වන්නේ නම් එම ශබ්දය දිගු කාලයක් ඔබගේ මෝටර් රථයෙන් ඇසෙන්නේ නම්  ඔබ අනිවාර්යෙන්ම ඒ පිළිබද සැලකිලිමත් විය යුතුමයි.

නැතහොත් ඔබට අනපේක්ෂිත අවස්ථාවක දී යම් කරදර කරදරකාරී දෙයකට මුහුණ දීමට සිදුවේ . ඒ නිසා මෝටර් රථය එම ශබ්දය පිළිබඳ පරික්ෂා කර ගැනීමට අමතක කරන්න එපා .

ඔබටත් මෝටර් රථයක් තිබෙනවා නම් මේ පිළිබද සැලකිලිමත් වෙන්න. වැඩි මුදලක් වියදම් කර අසාවෙන් ගත්ත ඔබගේ වාහන ආරක්ෂා කර ගෙන ඔබට එහි නඩත්තු කටයුතු සදහා යන වියදම් අවම කර ගැනීමට ඔබගේ එම සැලකිලිමත්තකම බොහෝම වටින දේයක් වේවි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button