
මේ දවස්වල හැමෝම වාගේ හරිම ආසාවෙන් නරඹන හරිම ලස්සන ටෙලි නාට්‍යයක් තමයි “ඉන්ටර්නැෂනල්” කියන්නේ.
ඉතින් මේ ටෙලි නාට්‍යයයේ හරි අපූරුවට “චමත්” ලෙසින් රංගනයෙන් දායක වන මෙන්ම කාගෙත් සිත් නෙත් ගත් ඔහු නමින් “විනුල ඉදුසර” වන අතර,
මේ ආදරණිය දඟකාර කොලු පොඩ්ඩා විනුල මේ වෙද්දී වෙළඳ දැන්වීම් මෙන්ම ටෙලි නාට්‍යයන් ගණනාවක ද රංගනයෙන් දායක වී තිබෙනවා.
හොඳින් ඉගෙන ගෙන රංගනයෙන් ඉදිරියටම යන්නට බලාපොරොත්තුවෙන් සිටින විනුල මේ පුංචි දඟයා කියන දෙයක් තමයි, “පොලිසියේ ආරක්ෂක අංශයට සම්බන්ධ වෙලා රටට සේවයක් කරන්න ඕනේ” කියන කථාව.
සිරාත් චතුරංගයන් තමයි විනුලව රංගනයට දායක කර ගන්නේ. එමෙන්ම විනුලගේ රංගනයන් උදෙසා දායකත්වය ලබා දී තිබෙන පිරිස අතරේ, පද්මා මෙන්ඩිස්, රොනල් දසනායකයන් දමින්ද මෙන්ඩිස් ද වනවා.
ඉතින් විනුල ඔහුගේ පාසලේ විදුහල්පතිතුමාට මෙන්ම ඔහුගේ යාළුවන්ටත් ස්තුති වන්ත වන්නේ, ඔහුට රංගනයෙන් මේ තාක් ගමනක් එන්නට මේ හැමෝගේම දායකත්වය ලැබීම නිසා ය.
මහරගම ශ්‍රී චන්ද්‍රරතන පාසලෙන් සිප්සතල හදාරන මේ පුංචි දඟයා ඉගෙනගන්නේ 4 වැනි ශ්‍රේණියේ වන අතර, ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට ද මුහුණ දෙන්නට සූදානම් වෙමිනුයි මේ පුංචි විනුල බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ පුංචි දඟකාරයා මේ වන විට නාට්‍යයන් 11ට සහ ටෙලි ෆිල්ම්ස් 5ටත් සිය රංගන දායකත්වය ලබා දී තිබෙන අතර, පුංචි වුවද මේ දඟයාගේ රංගන දස්කම් නම් පුංචි නෑ.
මේ අපූරු දඟකාර හැඩකාර විනුලගේ ආසාවක් හිනයක් තමයි සිනමාපටයක් වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙන්නට.
මේ දවස්වල නම් රංගනයෙන් දායක නොවුණු විනුල “මේනක රජපක්ෂයන්”ගේ “ගුග්ලි” ටෙලි නිර්මාණයේ මෙන්ම “සුජීව පියලාලයන්”ගේ “ඉන්ටර්නැෂනල්” ටෙලි නාටකයේත්, රංගනයෙන් දායක වී තිබෙන අපූරුව ගැන මොනවට කියනවද?.
“සඳ තරු, අහස් මාළිගා, සෙනෙහසේ පාලම, ඉන්ටර්නැෂනල් 1 සහ 2, බස් එකේ ස්කෝලේ” වැනි ටෙලි නාට්‍යයන්හි තමයි විනුල සිය රංගන දායකත්වය ලබා දෙන්නේ.
ඊට අමරව මේ පුංචි දඟයා වෙළඳ දැන්වීම් 12ට ද සිය රංගන දායකත්වය ලබා දී තිබෙන අතර, “මාමලාගේ බූදලය” ඒ අතරින් එකක් වනවා.
ඔන්න ඉතින් “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” ටෙලි නාටකයේ කඩු ශිල්පය සිදු කරන දර්ශනයේ දී ගොඩාක් රෑ වුණු නිසා, ඒ වෙලාවේ දී විනුලට නින්ද ගිහින් තියනවා.
ඉතින් ඒ රූගත කිරීමට විනුල සම්බන්ධ වෙලා තියෙන්නේ නම් හොඳටම නිදිමතේ කියලයි විනුල මේ පුංචි දඟකාරයා කියන්නේ නම්.








