අහුලගත්ත ගොසිප්

කලා තරු පිරිවරාගෙන සමරපු චතුරිකා පීරිස්ගේ උපන්දින සාදය මෙන්න

නාලන් මෙන්ඩිස් නම් නිර්මාණකරුවා විසින් ටෙලි නාට්ය කලාවට හඳුන්වා දුන්, වර්තමානයේ ටෙලි නාට්යයටත් සිනමාවටත් නැතිවම බැරි, ප්රේක්ෂක ආදරය, ආකර්ෂණය ඉහලින්ම දිනා ගැනීමට සමත්ව තිබෙන, අති දක්ෂ, සුරූපී ,ජනප්රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පිරිස් කියලා කියන්නේ.

මේ වන විට ඇය මවක වුවත් පෙම්වතියගේ චරිතය නිරූපණය සඳහා තවමත් ආරාධනා ලබන්නේ ඇයගේ ඇති කෙළිලොල් ,දඟකාර, ලාබාල පෙනුම නිසා බව කිව හැකියි.

ටෙලි නාට්ය, සිනමාපට හරහා මෙන්ම ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් හරහා ද නිරන්තරයෙන් දක්නට ලැබෙන චතුරිකා එතෙක් මෙතෙක් බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය වී හමාරයි කිව්වොත් නිවැරදියි.

ඒ වගේම ඇය කලා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන ශිල්පියෙකු වන ගයාන් වික්රමතිලක සමග ඉතා සුන්දර යුග දිවියක් ගත කරන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

මීට ටික කලකට ඉහත දී ඇය මෙන්ම සුන්දර, හුරුබුහුටි කුඩා දියණියකගේ මවක් වීමේ වාසනාව උදාකර ගන්නා ඇය වර්තමානයේ සිටින බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් ට මෙන්ම ප්රේක්ෂකයන් හටද ආදර්ශයක් සපයමින් තම යුග දිවිය ඉතා සාර්ථක ලෙස සතුටින් ගත කරන අයුරු ඔවුන්ගේ සුන්දර කතා ,සතුටු සිනා මැදින් අපිට දැකගන්න ලැබෙනවා.

ඉතින් මේ සුරුපී රංගන ශිල්පිනිය තම පවුලේ සාමාජිකයන්, මිතුරු මිතුරියන්ද සමඟ පසුගිය දිනෙක ඇයගේ ජන්ම දිනය ඉතා චාම් අයුරින් සමරනු ලැබ තිබුණා.

එහි සොඳුරු දසුන් කැමරා කාචයට හසුකර ගනිමින් මතක සටහන් එකතු කර තිබුණේ අති දක්ෂ, ජනප්රිය කැමරා කරන ශිල්පියෙකු වන ශාන් රූපස්සර නම් ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් ඇයට සුබ උපන්දිනයකට ආසිරි එක් කරමින් එහි සුන්දරත්වය නැරඹීම සඳහා එම ඡායාරූප පෙල ඔබ වෙත රැගෙන එන්න අප සිතුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button