ගොසිප් පුවත්තරු ගොසිප්

තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම ගැන අමල් පෙරේරා මහතා කියපු වෙනස්ම කතාව

මෙරට සංගීත කලාව තුළ බිහිවූ අමතක නොවන ගායන තරු අතර මූලිකත්වය ගන්නා තවත් එක් ගායන තරුවක් ලෙස ගායන ශිල්පීන්අමල් පෙරේරා මහතා හඳුන්වන්න පුළුවන්.

ගායන ක්ෂේත්රය තුළ ඔහුටම ආවේණික වූ හඬ පෞරුෂය භාවිතා කරමින් මෙරට හදවත් තුළ නතර වූ සුන්දර ගායකයෙකු වශයෙන් අමල් පෙරේරා හඳුන්වන්න පුළුවන්.

ඔහුටම ආවේණික වෙනස්ම කටහඬින් ප්‍රේක්ෂකයාගේ හදවතට දැනෙන අයුරින් සොඳුරු ගීත ගණනාවක් ඔහු විසින් ගායනා කර තිබෙන අතර එදා මෙන්ම අදටත් තාරුණ්‍ය මෙන්ම වැඩිහිටියාගේද සිත් දිනාගැනීමට සමත් සොඳුරු ගායකයකු ලෙස හදුන්වන්න පුලුවන්.

පසුගිය කාලය පුරා බොහෝ දෙනකුගේ අවධානයට යොමු චරිතයක් බවට අමල් පෙරේරා මහතා පත්වුයේ හිරු නාලිකාවේ විකාශය වූ සුපිරි ගායන තරු තේරීමේ තරගාවලියක් වූ හිරු මෙගා ස්ටාර් වේදිකාවේ මගේ කරුවන් විනිශ්චය කිරීමේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කිරීම නිසයි.

පසුගිය කාලය පුරාවට විවිධ සිදුවීම් නිසා රට පුරා කතා බහට ලක් වු ගායකයෙකු ද වේ. යම් යම් හේතු නිසා කරදර රාශියකට මුහුණ දීමට සිදු මේ සොඳුරු ගායකයාට තමන්ගේ ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමට  කටයුතු කර තිබුණා ඔහු ඒ පිළිබඳව මතක් කර සිටියේ මේ ආකාරයටයි

“කලාකාරයෝ ප්‍රතිරූපය කොහොම අර්ථ දක්වනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ප්‍රතිරූපය කියන්නේ මම මම විදියට ඉන්න එකට.

මට අනිත් අය වගේ සිල් අරගෙන ඉන්න බෑ. මම ජිවත් වෙන ක්‍රමයක් තියනවා. ඒකේ ඇතුලේ මම තෘප්තිමත් සහ මම විදිනවා. ඉතින් මම විදින එක නැවැත්තුවොත් කොහොමත් මට ප්‍රතිරූපයක් නෑ.”

අදටත් රසික හදවත් තුළ එදා මෙන්ම නැවති ඉන්නා ඒ සොදුරු ගායකයාගේ සොදුරු ඡායාරුප කිහිපයක් තමයි මේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button