උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

බෑණා සිංහල කොල්ලෙක් වුනාට කමක් නෑ කියන නිරංජනී ෂන්මුගරාජාගේ අම්මා කියපු කතාව

ලෝකයක් හමුවට ගිය  සුන්දර සිනමාපටයක් වූ  සුනාමි චිත්‍රපටයේ  කල්‍යාණි ගේ චරිතය නිරූපණය කරන ලද සුන්දර රංගන ශිල්පිනිය නොදන්නා කෙනෙක් අද නැහැ.

ඊට ඇයගේ සුන්දරත්වයක් එක් හේතුවක් වනවා.  සුනාමි චිත්‍රපටය  සුවිශේෂී රංගනයක්  ඉදිරිපත් කිරීම නිසා රටවල් ගණනාවක සිනමා නිර්මාණ 1300ක් පමණ පරාද කරමින් නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇය සමත් වෙන අතර ඔබ මා දන්නවා මේ සුන්දර රංගන ශිල්පිනිය නමින්  නිරංජනී ෂන්මුගරාජා  වේ.

අන්තර්ජාතික සම්මානයෙන්  පිදුම් ලැබූ මේ දක්ෂ රංගන ශිල්පිනියක්  වනවාසේම ඇය දක්ෂ දමිළ නිවේදිකාවක් ද වනවා . ඒ අනුව ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් වශයෙන් මෙන්ම පෞද්ගලික ආයතනය පැවැත්වෙන වැඩසටහන් වන නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා.

මෙරට බොහෝ පිරිසක් නැරඹූ ඉනි අවන් චිත්‍රපටයේ ද ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වන අතර එය නිරංජනී රංගනයෙන් දායක වූ පළමු සිනමාපටය ද වනවා.

තවමත් අවිවාහක සුන්දර යුවතියක් වන ඇය තමන්ගේ විවාහය පිළිබඳ අදහස් පළ කිරීමේ දී කියා සිටියේ

තමන් විවාහ වීමේ වයසේ සිටින බවත් විවාහ වීමට තමන්ගේ මනස තවමත් සූදානම් වී නැති බවත් තමන් කියන දේ පිළිගන්නා කෙනෙක්  තමන්ගේ මව ගෙන් ඒ පිළිබඳව අසනවා නම් තමන් එයට කැමති බවත් එම පුද්ගලයා සිංහල තරුණයෙකු වනවානම් තමා ඊට වඩා කැමති බවත්,

තමන්ගේ සිහින උදුරා නොගෙන තමන්ගේ මානසිකත්වය සතුට නිදහස නැති කරන්නේ නැතිව තමන්ගේ කටයුතු වලට සහය වන හොඳ කෙනෙක් තමන්ගේ සැමියා වනවා නම් කැමති බව ඇය තමා දහස් දක්වමින් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් පළකර සිටියා.

නිරංජනී ගේ ආදරණීය මවකි ඇයගේ විවාහය පිළිබඳ විමසීමේදී මව ප්‍රකාශ කර සිටියේ

දුවට යහපතක් වෙනවා නම් ඇයව ආදරයෙන් රැකබලා ගන්නවා නම් තමන්ගේ බෑණා සිංහල තරුණයෙකු වීම වරදක් නොවන බවත්  එම සිංහල තරුණයා ආදරයෙන් ඇය පිළිගන්නා බවත් අදහස් දක්වමින් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button