අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා

අපේ රටේ ටෙලි නාට්‍යයන් හි ආරම්භක අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක වන ඇය වේදිකාවෙන් තමයි සිය රංගන දිවිය ආරම්භ කරන්නේ.

එමෙන්ම ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ද වන අතර, විවිධ වූ භාවාත්මක චරිතයන් ඔස්සෙ රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කරමින්, ටෙලි නාට්‍යය මෙන්ම,

සිනමා රංගන ශිල්පිනියක ලෙසින් කාගෙත් ආදරය ගෞරවය දිනා ගනිමින් කලාවේ දැවැන්ත ගමනක් එන්නට වරම් ලැබූ තිබෙන ඇය නමින් මෙලනි අශෝකා යි.

“චිට්ටි ආච්චි” ගේ චරිතය හරහා තමයි මෙලනි අශෝකා අසහාය කලාකාරිනිය මේ දවස්වල කා අතරත් ජනප්‍රිය වී තිබෙන්නේ. ඒ “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යය හරහා යි.

ඉතින් ඇය කියන්නේ මෙන්න මේ වගේ හරි අපූරු දෙයක් තමයි, “මේ චරිතට මට හොඳට ප්‍රතිචාර ලැබෙනවා හිතුවෙ වත් නැති විදියට. මට ඒ චරිතයට ඇත්තටම ගොඩක් ආස හිතුණා පිටපත කියවද්දී.

ධනුෂ්කයන් එක්ක කලින් වැඩ කරලා නැති නිසා ඔහුත් සමඟින් වැඩ කරන්නට ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් “විට්ටි ආච්චි” චරිතය නිසාම මං ගොඩක් වෙනස් වුණා. ඒ අතර හඬ, ගමන, හැසිරීම් විලාසයන් ද වනවා”, කියලා.

“විට්ටි ආච්චි” නිසා මේ දින වල හරි හරියට ඇයට දුරකථන ඇමතුම් පවා ලැබෙන අතර, සමහර අය කෝල් කරල ඇගෙන් පොලියට සල්ලිත් ඉල්ලනවා ලු.

ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාරයන් හමුවේ මෙලනි අශෝකා කලාකාරිනියට හිතෙන දෙයක් තමයි ලු, මේ චරිතේ ප්‍රේක්ෂක සිත් වලට තදින්ම කා වැදිල තියනව කියලා.

ඉතින් ඒකාකාරි චරිතයන් වලට සීමා වී සිටින්ට අකමැති මේ අපූරු කලාකාරිනිය “වගුවේ බංගලාව” කියන නාට්‍යයේ මීට අවුරුදු ගණනාවකට පෙර මෙවැනි ලෙසින් හාස්‍යජනක චරිතයක නියැලිලා තිබෙන අතර,

ඒ චරිතයටත් ඇයට සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඉතින් දැන් ඇය එවැනි චරිතයක් කරන්නේ වසර 7කට පසුව ද වනවා.

ඒ කාලේ ලුම්බිණි රඟහල, දෙහිවල ජයසිංහ රඟහල හි තිරගත වූ වේදිකා නාට්‍යයන්හි මැය රඟ පා ඇති අතර, 1980 දී තමයි ටෙලි නාට්‍යය කරලියට මැය පිවිසෙන්නේ.

“මනමාලයෝ” නිර්මාණයේ “රූපා”ගේ චරිතය ඔස්සේ වන අතර, අද වන විට ඇගේ කලා දිවිටය වසර 50ක් වන අතර, රංගන ක්ෂේත්‍රයෙන් පමණක් නොවේ විවිධ සමාජීය වැකටයුතු වලින් පවා ඇය ගරු බුහුමන් ලබනවා.

කඩුවෙල සංස්කෘතික බලමණ්ඩලයේ ලේකම් විදියට ප්‍රදේශයේ කලාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන මෙලනි අශෝකා කලාකාරිනිය, කොළඹ සංස්කෘතික බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කරන අතර,

මේ මගින් ස්වෙච්ඡාවෙන්ම ඇය කලාකරුවන් වෙනුවෙන් කරනුයේ මහඟු සේවයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button