සයුරෙන් එහා පුවත්

ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි – සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි

ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි - සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.

භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටින බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ තවත් යනු ඇති බව විදෙස් වාර්තා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button