ක්‍රීඩා පුවත්

ආසියානු කුසලානයේ අනුශූර පාකිස්තානු පිල සිය තරග මුදල ඉන්දියාවේ ‘සින්දූර්‘ මෙහෙයුමෙන් හානියට පත් සිවිල් වැසියන්ට පරිත්‍යාග කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර එහිදි පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි විය.

අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා ප්‍රකාශ කළේ තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ද අගෞරවයක් බවය.

ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ශේප කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button