කදුළු සලමින් පුතුගේ දස්කම් නැරඹු පාකිස්ථානු කණ්ඩායමේ නායක වන බාබර් අසාම්ගේ පියා

නැවත වරක් බොහෝ දෙනා තුළ ක්‍රිකට් උන්මාදය පතුරුවමින් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙනවා. මේ නිසාම ක්‍රිකට් වලට පිස්සුවෙන් වගේ ආස කරන බොහෝ දෙනෙක් මේ දිනවල විකාශය වන ක්‍රිකට් තරගාවලි නැරඹීමට අමතක කරන්නේ නැහැ.
පසුගිය දින පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරගාවලි සියල්ලන්ගෙන්ම ජයග්‍රහණය කිරීමට හැකිවූ නිසා මෙරට ක්‍රිකට් ලෝලීන් විශේෂ උනන්දුවකින් යුතුව මෙවර තරඟාවලි සියල්ලන්ම නැරඹීමට අමතක කරන්නේ නොකරන්නට හේතුවක් වුයේ කලකට පසු ක්‍රිකට් කණ්ඩායම් දක්වන දක්ෂතා හේතුවෙනි.
නමුත් මේ කියන්නට යන්නේ ඊයේ දින පැවති පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රිකට් තරගාවලියේ වූ සුවිශේෂී සිදුවීමක් සම්බන්ධවයි. මෙම ක්‍රිකට් තරඟාවලියෙන් පකිස්ථාන කණ්ඩායම වාර්තාගත ජයග්‍රහණයක් හිමි කර ගන්නා අතර ඒ පකිස්ථාන කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණයක් වුණා.

ඊට හේතුව වූයේ පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල විසින් ලකුණු 152 ක ඉලක්කය කරා යෑමයි. මේ සුවිශේෂි කරුණ නිසා ලෝකයම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය ඊයේ තරගය සඳහා යොමු වුණා.
ඊයේ පැවැත්වූ එම ක්‍රිකට් තරගාවලියේ දී පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ නායක වන බාබර් අසාම් පන්දු 52 කදී ලකුණු 68 ක් ලබා ගැනීමට සමත් වුණා .
ඒ මොහොතේ එම තරඟාවලිය නැරඹීමට පැමිණි සිටි පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ගේ පියා ඒ මොහොතේ ඔහුගේ දස්කම් දැක සංවේදී විමක් පිළිබඳ විදෙස් මාධ්‍ය පළකර තිබුණා.
ඔහු තමන්ගේ පුතණුවන්ගේ දස්කම් දැක කඳුලු සලමින් ඒ දෙස බලා සිටි මොහොත විදෙස් මාධ්‍ය පළ කර තිබූ අතර ඒ පිළිබඳව ක්‍රිකට් ලෝලීන් බොහෝ සේ කතා බහට ලක් වන්නට වූ කරුණක් බවට ද එය පත් වුණා.









