දෙවන වරටත් පියපදවිය ලැබු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තුල කැපී පෙනෙන තවත් සුවිශේෂි ක්‍රීඩකයෙකු වශයෙන් ළහිරු තිරිමාන්න හදුන්වන්ට පුළුවන්. වමතින් පිත්ත දක්ෂ ලෙස හසුරුවමින් ක්‍රීඩා කරන දක්ෂ පිතිකරුවෙකු වශයෙන් මොහුව හදුන්වනු ලබනවා.
2008 වසරේදි ඔහුගේ පලමු ක්‍රිකට් තරගයට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ලබා ගන්නට තරම් මොහු තමන්ගේ දක්ෂතා පෙන්වන්නට වුනා.
ඒ අනුව 2015 වසරේදි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි ඉතා විශිෂ්ඨ දස්කස් දක්වන්නට ළහිරු තිරිමාන්න සමත් වනවා. ලෝක කුසලාන කණ්ඩායම තුළ මැතිව්ස්ගෙන් පසුු දක්ෂ පිතිකරුවෙකු වශයෙන් මොහුව පෙන්වා දෙන්නට පුළුවන්.
අපි මුලින් කතා කරන ලද්දේ ඔහුගේ ක්‍රිකට් ජිවිතය ගැනයි මේ කියන්නට යන්නේ ඔහුගේ ආදරණීය පවුල පිළිබද අලුතින්ම ලැබුනු පුවතක් පිළිබදවයි.
ළහිරුගේගේ ආදරණීය බිරිද වන්නේරුක්ෂානි හරිස්චන්ද්‍රයයි. ඉතින් ඔවුන් දපෙළගේ ආදරණීය කැදැල්ලට පසුගිය දිනක අලුත් අමුත්තෙකු එකතු වුනා.

මේ පුංචි අමුත්තා නිසා දකුණු ඉන්දියානුවන් සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රීඩා තරග සදහා සහභාගි වන්නට ළහිරුට නොහැකි වුනා. ඔහු ඒ පිළිබදට සටහනක් තබන්නට අමතක කලේ නැ.
ඒ අනුව පසුගිය නොවැම්බර් මස 24 වන දින ඔහුගේ දෙවන දරුවාගේ මුහුණ බලන්නට වාසනාව උදා වු අතර පිය පදවිය ලැබු ළහිරු තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ “Moments you cherish for a lifetime” යනුවෙන් සටහනක් ගබන්නටද කටයුතු කර තිබුනා. ඒ අනුව අද වන අතර නැවත පිය පදවිය ලැබු ළහිරු තිරිමාන්නට අපි සුභ පැතුම් එක් කරමු








