ගොසිප් පුවත්තරු ගොසිප්

වත්සලා විනෝදාංශයක් ලෙස කරපු දෙය ව්‍යපාරයක් වෙලා

කෙටි කාලයත් තුල රංගන ක්ෂේත්‍රයේ ඉතා ඉහළින් ජනප්‍රිය වු චරිතයක් ලෙස වත්සලා දියලගොඩ සුන්දර යුවතිය හදුන්වන්න පුළුවන්. කවුරුත් ආදරය කරන මේ සුන්දර චරිතය මෙරට ටෙලි නාට්‍ය ගණනාවකින් දැක ගැනීමට හැකියාව ප්‍රේක්ෂකයාට හිවුනා.

ටික කාලයක් කලා නිර්මාණ ඔස්සේ ඇයව දැක ගැනීමට නොහැකි වුනා. නමුත් වත්සලා සේම ඇයගේ නැගණිය වන  බුවිනි දියලගොඩ ද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වු චරිතයක් වුනා.

වත්සලා දියලගොඩ ගැන කතා කරන විට ඇය අද ආදරණිය දියණියකගේ මවක් වනවා. නමුත් රංගන කටයුතු වලින් අතිශය ජනප්‍රිය වු ඇය මේ වන විට එම කටයුතු වලින් ඇත් වෙලා තමන්ගේ ආදර‍ණිය පවුල වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනු ලබනවා.

නමුත් ඇයට රංගන කටයුතු වලට ආරාධනා ලැබුන ද ඒවා සදහා යම් දායකත්වය ලබා දෙන අතර දරුවන් ලොකු මහත් වු විට වර්තමානයට වඩා කැපකිරීම් කරන්නට හැකි බවත් ඇය මතක් කර සිටියා.

රංගන කටයුතු වලින් තරමක් ඇත් වී සිටියත් ඇයට ලැබුනු ජනප්‍රියත්ව ඒ අයුරින්ම දැක ගැනීමට හැකි වේ. අපි මේ කියන්නේ ඔබ ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනියගේ වෙනස්ම විදිහේ විනෝදාංශයක් ගැනයි.

වත්සලාගේ මේ විනෝදාංශය ටික කාලයක් යන විට පුරුද්දක් බවට පත් වී මේ වන විට එය ඇයගේ ආදායම් ඉපයීමේ පුංචි ව්‍යපාරයක් බවටද පත් වී තිබෙනවා.

ඇයගේ මේ කටයුත්ත තමයි සාරි ඩිසයින් කිරිම. විනෝදාංශයක් ලෙස ආරම්භ වු මෙම කටයුත්ත ඔන්ලයින් සාරි බිස්නස් එකක් ලෙස ආරම්භ කරන ඇය දන්නා අදුනන අය අතරේ මේවා බෙදා හැරිම සිදු කරනු ලැබුවත් පසුව විවිධ අයගේ ඉල්ලීම අනුව එම කටයුත්ත සදහා මුල පිරු බව මතක් කර සිටියා.

අදවන විට ව්‍යපාරයක් බවට පත් වී ඇති වත්සලා දියලගොඩගේ මේ ව්‍යපාරය සදහා නම් තබා ඇත්තේ “ටිකිරිලියා” ලෙසයි. ඇය විසින් සිදු කරන මේ සාරි විලාසිතා එබටත් දැක ගැනීමට අවශ්‍ය නම් ඇයගේ “ටිකිරිලියා” ‍ෆෙස්බුක් පිටුව හා එක් වන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button