අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ආසියාවේ ඉන්න දක්ෂතම නිරූපන ශිල්පිනිය කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ඉක්මවයි

ඇය අපේ රටේ ඉන්න අති දක්ෂ නිරූපණ ශිල්පිනියක වන අතර, හෙළ සංස්කෘතිය ඉස්මතු කරමින් නිර්මාණය වන ඇඳුම් පැළඳුම් භාවිතා කරමින්, “ආසියාවේ දක්ෂතම නිරූපන ශිල්පිනිය” වීම අපේ රටට මහත් ආඩම්බරයකි.

මෙවන් වූ ආඩම්බරයක් ගෙනා ඇය නමින් කෞෂි පෙරේරා නම් වන අතර, මේ වන විට ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියකට සහභාගි වීම සඳහා “තුර්කිය” බලා පිටත් වී ගොස් තිබෙනවා.

1999 අගෝස්තු මස 10 වැනි දින උපත ලැබූ කෞෂිව පොළවේ පය ගහලා ජීවත් වෙන හිත හයිය කෙල්ලක් ලෙසින් හැඳින්විය හැකි අතර, ඈට ඉන්නේ නම් සහෝදරයෙක් පමණකි.

තාරුණ්‍යයේ හිරිමල් වයසේ සිටින කෞෂි හට තරුණයන්ගෙන් ලැබෙන ආදරය ආකර්ෂනය නම් අති මහත් ය. මේ වන විට කෞෂි ජනප්‍රියතම ඉන්ස්ටර්ග්‍රැම් තාරකාවියක ද වී හමාර ය.

ෆියුචර් ෆැෂන් ෆෙසස් වර්ල්ඩ් මිනි 2021 නම් මේ ජාත්‍යන්තර තරඟාවලියේ දී කෞෂි ආර්ට් කොස්ටියුම් සහ එලිගන්ස් යන ඉසව් දෙකම ජයග්‍රහණය කර තිබීම අප රටටම ආඩම්බරයක් වන අතර,

ඇයව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යන් ඔස්සේ කථාබහට ලක්වන ජනප්‍රිය චරිතයක ද වන අතර, ඒ කෞෂි බොහෝ දෙනා අතරේ කැපී පෙනෙන නිරූපණ ශිල්පිනියක ද වන නිසා ය.

මැය 2019 මිස් ටීන් ජාතික තරඟවලියේ තෙවන ස්ථානය ද ලබාගන්නේ ඈ තුළ වූ අපූරු හැකියාවන් නිසාම ය. හෂාන් පන්නිල නම් ඡායාරූප ශිල්පියා ගේ ඇල්බම් එකක් සඳහා තමයි කෞෂි ප්‍රථමයෙන් නිරූපණ ශිල්පනියක ලෙසින් දායක වන්නේ.

මේ නිසා ඇයට විශාල ජනප්‍රියත්වයක් ලැබෙනවා මෙන්ම, මෙය කෞෂිට නිර්මාණයන් වලට දායක වන්නට ලොකූ තෝතැන්නක් වනවා.

අපේ රටේ අති දක්ෂ නිරූපිකාවක වන මැය අද වන විට කෝටිපතිනියන් අතරට පැමිණ තිබෙනවා. ඔන්න ඉතින් කෞෂිට නම් තවමත් පෙම්වතෙක් නොමැති අතර, ඇයට තරුණයන්ගෙන් ලැබෙන ආකර්ශනය නම් අති මහත් ය.

එමෙන්ම ලංකාවේ මෙතෙක් ඉපදුන කීර්තිමත් ප්‍රසිද්ධ ප්‍රභූ ලැයිස්තුවේ කෞෂිගේ නමත් ශ්‍රේණිගත කොට තිබෙනවා. කෞෂිගේ ජිවන රටාවන් මෙන්ම ඇගේ විලාසිතාවන් හේතුවෙන්ම ඇයට සමාජ මාධ්‍යන්හි ලැබෙන්නේ අති විශාල ජනප්‍රියත්වයකි.

විශ්ලේෂණයන්ට අනුව “විකිපීඩියා, ෆෝබ්ස්, බිස්නස් ඉන්සයිඩර්, හි කෞෂි ගේ දළ ශුද්ධ වටිනාමක ඩොලර් මිලියන 2.5ක් බවයි වාර්ථා වන්නේ නම්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button