ගොසිප් පුවත්තරු ගොසිප්

ඉන්දියාවට ගිය යොහානි බලන්න ආපු බොලිවුඩයේ, හොලිවුඩයේ සුපිරි තාරකාවියක් වන ජැකලින් ෆර්නැන්ඩස්

මේ දිනවල ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වූ සංගීත ක්ෂේත්‍රයේ කැළඹූ සුපිරි චරිතයක් ලෙස අපේ රටේ යොහානි ද සිල්වා හඳුන්වන්න පුළුවන්.

සියළුම සමාජ මාධ්‍ය තුල වැඩි වැඩියෙන් කතා බහට ලක්වන චරිතයක් බවට අද වන විට ඇය ලෝකය පුරාම ප්‍රසිද්ධ වී තිබෙනවා.

මැණිකේ මගෙ හිතේ ගීතය ගායනා කරමින් සුවහසක් ප්‍රේක්ෂක රසික ප්‍රතිචාර මිලියන ගණනින් ඇයට හිමි වූ අතර මේ වන විට ලෝකෙම ප්‍රසිද්ධ ගායිකාවක් බවට ඇයට පත් වීමට අවස්ථා උදා වී තිබෙනවා.

ඇය වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ ඉන්දියාව තුළ යි. මේ නිසාම මේ දිනවල ඇය ඉන්දියාවේ සංචාරයක් සිදු කරනු ලබන අතර විවිධ ප්‍රසංග සඳහා ඇය මේ දිනවල තමන්ගෙ තමන්ගේ දායකත්වය ලබා දෙනවා.

විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ දිනවල ඉන්දියාවේ ඇයගේ ප්‍රසංග දැක බලා ගැනීම සඳහා එක්රොක් වී සිටිනවා . මේ අතර ඉන්දියාවේ සුපිරි තරු වලට අවධානය දිනාගැනීමට යොහානි මේ වන විට සමත් වී තිබෙනවා. පසුගිය දිනක යොහානි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමක අපුරු ඡායාරූප පෙළක් පළ කර තිබුණා.

ඒ අද වන විට බොලිවුඩයේ හොලිවූඩයේ සිනමාව ජයග්‍රහණය කරන ලද සුපිරි තාරකාවියක් වන ජැකලින් ෆර්නැන්ඩස් සමග ලබාගත් සුන්දර ඡායාරූප පෙළයි.

ජැකලින් ෆර්නැන්ඩස් සුන්දර සිනමා තරුව පිළිබඳ කතා කරන විට ඇය බොලිවුඩ් සිනමාව ජයගනු ලබන්නේ 2009 වර්ෂයේ දී වේ. ඇය අපේ රටට සුවිශේෂී චරිතයක් වේ.

ඊට හේතුව වන්නේ ජැකලින් මෙරට නිරූපිකාවක් සහ නිළියක් වීමයි . අද වන විට ජාත්‍යන්තරයෙන් නමක් දිනා සිටින මේ සුපිරි තරුව සමග අපේ රටේ ජාත්‍යන්තරයට ගිය යොහානි දෙපළ ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button