අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

එලීනා සමග 5 වන විවාහ සංවත්සරය සමරන්න ඩුබායි ගිය Travel With Wife යුවල

මේ දිනවල බොහෝ දෙනා අතර වඩාත් ජනප්රියත්වයට පත් වෙලා ඉන්න, වඩාත් කතා බහට ලක්වෙලා තියෙන යුවළක් තමයි චමරි දීගොඩගේ සහ කසුන් දීගොඩගේ කියලා කියන්නේ.

ඒ එයාලා රට වටේ ,ලෝකෙ වටේ සංචාරය කරමින් පවත්වාගෙන යන එයාලගේ “travel with wife” youtube channel එක නිසයි. covid වසංගතය නිසාත්,

යම් යම් හේතූන් නිසාත් සංචාරයන් හි නිරත වීමට නොහැකි වූ සෑම දෙනා වෙනුවෙන් ම එම සුන්දර අත්දැකීම් සංචාරය කර ලබාගත්තා සේම රසවිදිය හැකි අයුරින් ඉදිරිපත් කර ගෙන යන travel with wife youtube චැනලයට

අතිවිශාල subscribers ලා ප්රමාණයක් සිටින්නේ ඔවුන්ගේ ඇති ආකර්ෂණීය, සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමේ විලාසය මෙන්ම සුහදශීලී ආමන්ත්රණය නිසා කිව්වොත් නිවැරදියි.

දුම්රිය පලක් තුළදී අහඹු ලෙස හමුව මේ වන විට ඉතා සතුටින් එක්ව ජීවන ගමන් මඟ චාරිකා කරන මේ සොඳුරු යෞවනයින් යුවල දෙමව්පියන් කරමින් පසුගිය දිනක පුංචි සුරංගනාවියක් බඳු එලීනා මෙලොව එළිය දුටුවේ ඔවුන්ට ආදරය කරන සුවහසක් රසික සිත්ද ආදරයෙන් පුරවමිනුයි.

දෙමව්පියන්ට හොර රහසේ නිදහසේ සංචාරය කිරීමට නොහැකි නිසා ඉක්මනින් විවාහ වී ඇති මේ යුවළ තම travel with wife youtube චැනලය ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ ආදර කතාවේ පළමු සංවත්සරය දවසේ බවයි කියා සිටියේ.

ඉතින් එලෙසට අරඹමින් මේ වන විට බොහෝ ලෝ වැසියන්ගේ ආදරය දිනා සිටින ඔවුන් තම පුංචි දියණිය එලීනා සමඟ ප්රථම වරට සංචාරය කිරීමට තීරණය කර ඇත්තේ ඩුබායි රාජ්ය බලායි.

මේ දිනවල ඩුබායි හි සුන්දර ස්ථාන තම පුංචි දියණිය ද සමඟ රසවිඳින ඔවුන්ට මෙලෙසට ඉදිරියටත් අප රස ගැන්වීමට හැකියාව, ශක්තිය, ධෛර්යය ,වාසනාව ලැබේවා කියා අප ප්රාර්ථනා කර සිටිනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button