අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්තරු ගොසිප්

බබා මගේ අතට හම්බෙනකොට ඒ හැඟීම මට කියන්න බෑ

වර්තමානයේ ක්ෂේත්‍රය සිටින දක්ෂ ,ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු මෙන්ම නිවේදන ශිල්පියකු ද වන ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකරයි.

මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “අභිමන්” නම් චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින ඔහු

මුලින්ම රංගන ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ නව යොවුන් වියේ, පාසල් දිවියට සමුදීමත් සමඟ බවයි අපට දැනගන්න ලැබුණේ.

“සුළඟ” ටෙලි නිර්මාණයේ “පවන්” ලෙසයි. ඉන්පසු “රන් සමනලයෝ”, “පිපෙන මල්”…. වැනි නිර්මාණයන් රාශියක් තුළින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගැනීමට සමත් වන ඔහුට පසුව දිගින් දිගටම රංගන ආරාධනා ලැබුණත් රංගනයෙන් ඈත්වීමට තීරණය කරන්නේ දිගින් දිගටම පෙම්වතාගේ චරිතය නිරූපනය කර හෙම්බත් වූ නිසා බවත්,

වෙනත් හොඳ චරිතයන් සඳහා ආරාධනා නොලැබුණු නිසා බවයි සුමිරාන් කියා සිටියේ.

නමුත් ඔහුගේ දෛවයේ කෙදිනක හෝ, කෙසේ හෝ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වෙනවා යැයි ලියැවී ඇතිවා සේම රංගනයෙන් ඈත්වී සිටීමට ඔහුට ලැබෙන්නේ කෙටි කාලයක් පමණයි.

ඉන්පසු දිගින් දිගටම ලද ආරාධනා නිසා මේ දිනවල විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණය තුළින් නැවතත් රංගනය හා එක්වන ඔහුගේ නිවේදන හැකියාව ද සිරස නාලිකාවේ විකාශය වන “voice” වැඩසටහන තුළින් ඔබට දැක බලාගන්න ලැබුනා.

වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින වල සැරිසරන ඔහු මේ වන විට සුන්දර යුග දිවියකට උරුමකම් කියන බව හා සුරතල් පුංචි පුතකුගේ පියකු ද වෙන බවයි අපට දැනගන්න ලැබුනේ.

වැලි කෙළියේ සිට එකට ආ ඇවැස්ස නෑනා (මාමගෙ දුව) හා පෙමින් වෙලී ,විවාහ කරගන්නා සුමිරාන් කියාසිටියේ එකල ඇය පිළිබඳව එවැනි අදහසක් නොතිබුණු බව හා ඔවුන් සියලු සියලු දෙනා එකට චාරිකාවක් ගිය අවස්ථාවක ඇය පිළිබඳව ආදරයක් හට ගත් බවයි.

පසුව ඇයගේ ද කැමැත්ත දිනා ගනිමින් දෙමව්පිය ආශිර්වාදය ද මැද යුග දිවියට පා තබන ඔවුන් මේ වනවිට සුන්දර විවාහ දිවියක් ගත කරන බවත්, යුතු ලැබුණු පසු සතුට, ආදරය දෙගුණ තෙගුණ වූ බවයි ඔහු කියා සිටියේ.

ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන මේ කඩවසම් රංගන ශිල්පියාගේ පුංචි කැදැල්ලේ ඡායාරූප එකතුවකුයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button