
තමන් ගැන පමණක් සිතන, තමන්ගේ වාසියට අනෙකාගේ ජීවිතය වුවත් නැති කිරීමට පෙළඹෙන අද වැනි යුගයක අනෙකා ගැන සිතන ,රට ගැන සිතන පුද්ගලයින්ට අතලොස්සක් හෝ තවමත් ඉතිරිව සිටින බවට ඔහු කදිම උදාහරණයක් සපයනවා.
බොහෝ මුදල් ඉපැයිය හැකි දැනුම, හැකියාව තිබියදී පවා රට ගැන සිතා, රටේ ඉදිරි අනාගතය ගැන සිතා කුඹුරට බැස්ස ඔහු වර්තමානයේ බිහි වූ “සුපර්මෑන්” කෙනෙකුයි.
ලන්කේෂ් හේරත් නම් වන ඔහු වර්තමානයේ බොහෝ දෙනාට ආදර්ශයක් වන කඩවසම් තරුණයෙකුයි.
2009 වර්ෂයේ තම දරු පවුලද සමඟ එංගලන්තයට ගොස් වසර තුනක් පමණ ජීවත් ව ඇති ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ උපන් රටට සේවයක් කිරීමේ අරමුණ නුයි.
හුදෙක් රැකියාවක් ලෙස නොව තරුණ පරපුර ඒ සඳහා පොළඹවා ගැනීමේ අරමුණින් කුඹුරු අස්වැද්ද වීමට පෙළඹෙන ඔහුට ඒ සඳහා අදහස ගෙන දී ඇත්තේ කොරෝනා වසංගත සමයේ ඔහුගේ මිතුරෙකු වන රුචිර නම් තරුණයෙක් විසිනුයි.
ඉන්පසු මිතුරන් සිව් දෙනෙක් එක්ව ක්‍රියාත්මක කර ඇති එම අදහස කුඹුරු දෙකක් අදයටත් ,තවත් එක් කුඹුරක් රුපියල් හැට දාහක් වැනි සුළු මුදලකටත් රැගෙනයි ඔවුන් එය ක්‍රියාත්මක කර ඇත්තේ.
කාලය කළමනාකරණය කර ගනිමින් තම වෘත්තියත් කුඹුරු වැඩත් සමබරව පවත්වාගෙන ගොස් ඇති ඔහු හට තම ශරීරයේ පෙනුම සහ නිරෝගී බව මැනවින් පවත්වාගෙන යාමට ද කුඹුරු වැඩට ශක්තිය යෙදවීම මගින් හැකිවූ බවයි කියා සිටියේ.
දරුවන්ට මව් බිමේ ආභාෂය ලබා දීමේ අරමුණෙනුත්, උපන් බිමට සේවයක් කර උපන් බිමට ණය නැති මිනිසකු වීමේ අරමුණෙනුත් සැමට ආදර්ශයක් සපයමින් ඔහු කළ උදාර මෙහෙය ඇගයිය යුතු නොවන්නේ ද.
මෙවැනි දිරිය මිනිසුන් අප රටට තව තවත් බිහි වුවහොත් නුදුරේදීම අප රට වැටී ඇති ආගාධයෙන් ගොඩ යා හැකි බව නිසැකය.









