අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

“පාසල් කාලයේ ඉඳන්ම මට ආදර යෝජනා එනවා” දුල්ශානි කීව කතාව

2015 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්ව, ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය මේ වන විට රංගනයට අමතරව අති දක්ෂ නිවේදිකාවක ලෙසින් ද ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි.

හිරු නාලිකාවේ විකාශය වූ බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “අහස් මාලිගා” ටෙලි නිර්මාණයෙහි “අහිංසා”නම් චරිතය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින්,

එම හැකියාව දැක නිවේදන වරම් ද හිමි කර ගත් ඇය තමයි ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන අති දක්ෂ, සුරූපී, යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ශානි කියලා කියන්නේ.

උපතින්ම දායාද කරගෙන විත් තිබෙන සුරූපී රුව නිසාම කුඩා කල සිට සෑම වසරකම බක් මාසයේ ගමේ පැවැත්වෙන අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළ දිනා ගැනීමට සමත් වන ඇයට සුරූපී බව නිසාම වයස අවුරුදු 15ක් වැනි කුඩා අවදියේ සිටම පෙම් ඇරයුම් ගලා ආ බවයි කාවින්ද්‍යා කියාසිටියේ.

නමුත් ඇය රුවට හෝ ඇයගේ දක්ෂතාවයන්ට ඇලුම් කර ලබා දෙන ප්‍රේමාරාධනා සැබෑ ආදරය ලෙස නොදකින අතර සැබෑ ආදරය වනුයේ දෙදෙනාගේ රුවට නොව හදවතින් බැඳෙන ආත්මීය බැඳීම් ලෙසයි ඇය දකින්නේ.

ඒ වගේම රුව නිසා රංගන වරම් හිමි වුවත් රංගනය සඳහා රුව පමණක් ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සඳහා දක්ෂතාවය ,උනන්දුව ,උත්සාහය මෙන්ම කැපවීම ද අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි කාවින්ද්‍යා කියා හිටියේ.

එකිනෙකාට සාපේක්ෂව විවිධාකාර වූ ලස්සන රුවක් සැමදෙනාටම උපතින්ම උරුම වී ඇති අතර ඒ පිළිබඳව කාවින්ද්‍යා කියා සිටියේ රූපයේ ලස්සන මෙන්ම හදවතේ ලස්සන ද ගැහැනු පිරිමි සෑම දෙනාටම අනිවාර්යයෙන්ම තිබිය යුතු බවත්,

ඇය තම රුව වඩවා ගැනීමට නිරන්තරයෙන් ජලය පානය කරන බවත්, ආහාර පාලනය කරන බව හා නිවෙසේ සිට දිනපතා ව්‍යායාම සිදු කරන බවයි කියා සිටියේ.

එමෙන්ම තරුණියක ලෙස ශරීරයේ පිරිසිදුකම ද රූපයේ ලස්සනට අනිවාර්ය කරුණක් බවයි තවදුරටත් ඇය කියා සිටියේ. ඉතින් බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය වී සිටින සුරූපි ,ඇති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනිය කාවින්දයා දුල්ෂානි ගේ සුන්දර ඡායාරූප කීපයකුයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button