අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ලෝක විවාහක රූ රැජිණ හතරවන තැන දිනු පුෂ්පිකා

පසුගිය දිනක ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජින තරගය ශ්‍රී ලංකාවට ද ඉතා වැදගත් අවස්ථාවක් මෙන්ම ආන්දෝලනාත්මක අවස්ථාවක් බවට පත්වුණා.

ඒ ලංකාවෙ විවාහක රූ රැජින ලෙස කිරුළු පැලැන්දූ පුෂ්පිකා ද සිල්වා මෙවරද ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සදහා ඉදිරිපත්ව සිටීමයි.

ඊයේ දිනයේ අවසන් මහා තරගයට මුහුණ දෙමින් අවසන් තරගකාරියන් හය දෙනා අතරින් හතරවන ස්ථානය හිමිකර ගැනීමට ඇය සමත් වනු ලැබුවා.

ඇය එම කිරුළ පිළිබඳව අපේක්ෂා සහගතව, බොහෝ අධිෂ්ඨානයෙන් යුතුව තරඟාවලිය සඳහා සහභාගි වුවත් ඇයට 4 වන ස්ථානය හිමි වීම පිළිබඳව සමාජ මාධ්‍යයන් ඔස්සේ බොහෝ සේ කතා බහට ලක්වුනා.

කෙසේ නමුත් ඇයට හිමි වූ ජයග්‍රහණය පිළිබඳව ඇයට උදව් උපකාර කළ ඇයගේ දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන්, මෙන්ම ලංකාවාසි සියලු දෙනාටත්,

ඇමරිකාවේ ලාස් වේගාස් හි පදිංචි ලංකාවාසි සියලු දෙනාට මෙන්ම ඇයට සුබ ප්‍රාර්ථනා එක්කල ,වචනයකින් හෝ සවියක් වුණු සැමදෙනාටමත්, ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයට හා ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහටත්

ඇය හදවතින්ම ස්තූතිවන්ත වෙමින් කිරුළු පැලැන්දූ තරගකාරියන් හට සුභාශිංෂණ ද එක් කරමින් පුෂ්පිකා ද සිල්වා විසින් සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

විවිධ රටවලින් සහභාගී වූ අතිවිශාල තරගකාරියන් රාශියක් අතරින් අවසන් හතර දෙනා අතරට තේරී පත්ව මේ කුඩා දිවයිනේ නාමය ජාත්‍යන්තරයට රැගෙන ගොස්, ජාත්‍යන්තරයේ බැබළ වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අපිද සුභ ප්‍රාර්ථනා එක් කර සිටින්න මෙය අවස්ථාවක් කරගනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button