
හදවතේ රැදුනු සුමිහිරි කඩහඩක් හිමි ගායන ශිල්පිනියන් අතර අපේ රටේ බොහෝ රසික හදවත් තුළ සිටිනා සුන්දර ගායිකාවක් වශයෙන් උරේෂා රවිහාරි හදුන්වන්නට පුළුවන්.
අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද සුන්දර ගීත ගණනාවක්ම ඇයගේ කටහඩින් වර්ණවත් වන අතර ඇයගේ මේ මිහිරි කටහඩ නිමාට ඇය සම්මානයට පාත්‍ර වු අවස්තා ගණනාවකි.
රිදි තිරයට අමතරව ප්‍රසංග වේදිකාව ද හැඩ කරන ලද මේ මිහිරි කටහඩ මෙරට ප්‍රේක්ෂක හදවත් තුල සදා නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉතිර කරන ලද සුන්දර කටහඩක් වනවා.
කාලයකට පසු නැවත ගායන ක්ෂේත්‍රයට පිවිසි උරේෂා රවිහාරි පසුගිය දින පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා ඒක්වෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කිහිපයක් පළකර තිබුනා.
මෙහිදි උරේෂා රවිහාරි කියා සිටියේ තමන් අලුත්ම කලා කටයුතු කිහිපයක් ආරම්භ කර ඇති බවත් නවතම ගීත කිහිපයක් මෙන්ම නවතම සිනමා පට කිහිපයකටද ගීත පටිගත කර ඇති බවත් ය.
අද වන විට ගායන ක්ෂේත්‍රය තුළ රසික හදවත් විශාල පිරිසකගේ ආදරයට පාත්‍ර වු මේ සොදුරු කාලාකාරිණිය සතු කඩහට ඇය හදුන්වනු ලැබුවේ චිත්‍රපට පසුබිම් ගායිකාවක වීමට තිරයට සුදුසු හඬක් මට උපතින්ම ලැබී තිබෙන බවයි.
“ශක්තිය ඔබයි අම්මේ” චිත්‍රපටයේ පද පේළි 4ක් පමණ ගායනා කිරීමට ඇයට අවස්තාව උදා වීම ඇයගේ පළමුවැනි චිත්‍රපට පසුබිම් ගායන බවත්, චිත්‍රපට පසුබිම් ගායනය සම්පූර්ණයෙන් හැඟීම් ගායනයක් බවත් ඒය සරල ගායනා මෙන් නොවන බවත් මේ නිසාම චිත්‍රපට පසුබිම් ගායනය පිළිබස තමන් අවබෝධය ලබා ගත් බවත් ඇය මෙහිදි කියා සිටියා.
නර්තනයට දක්ෂතා දක්වන ඇය ගායන කටයුතු වලදට ඒක සේ දක්ෂතා දක්වන්නය වු අතර තමන් හොදින්ම දක්ෂ ගායන ක්ෂේත්‍රය තුලින් ඉදිරියට යාම සදහා ගායන ක්ෂේත්‍ර ය තෝරා ගත් බව ඇය මෙහිදි කියා සිටියා.
හින්දුස්ථානි සංගීතය හැදැරීම් කරන ලද ඇය හින්දි ගීත රසවිදින්නට ගායනට ඉතාමත් දැඩි කැමැත්තක් දැක්වු අතර හින්දි ගීත ගායනට පෙළඹුනු නිසා ඉන්දියානු සංගීත අධ්‍යක්‍ෂවරු පවා තමන්ගේ හින්දි ගීත රසවිඳ ඒවා අගය කල බව මෙහිදි ඇය කියා සිටියා.
කාගේත් ආදරය දිනා ගත් රසික රසිකාවියන්ගේ හදවත් අමාන්ත්‍රණය කිරීමට සමත් හදවතේ ගායිකාවක් බදු වු උරේෂා රවිහාරි සුන්දර ගායිකාවට ඇයගේ ඉදිරි සංගීත කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට හැකි වේවා යැයි ඇයට සුභ පැතුම් ඒක් කරමු.








