
වර්තමානයේ රංගන ශ්‍රේෂ්ත්‍රයේ සිටින කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් අනිවාර්යයෙන් ම එය පිළිගනු ඇති. ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම “බහුබූතයෝ”… වැනි බොහෝ දෙනා ඉතා ආසාවෙන් නැරඹූ
සිනමා නිර්මාණයන් රාශියක් හරහා ද ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා සිටින ඇය තමයි හැඩකාර, දඟකාර ,කටකාර, විසේකාර ,අති දක්ෂ, ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියලා කියන්නේ.
රංගනයට ඇති දක්ෂතාවය මෙන්ම උපතින්ම ලද සුරූපී රුවක් ද හිමිකරගෙන සිටින ඇය තම රුව රැකගැනීම ,රුව වඩවා ගැනීම සඳහා සිදු කරන දෑ පිළිබඳව පවසා තිබුණේ ඇය මෙන්ම අන් සෑම දෙනාම තම රුව පිළිබඳව සැලකිලිමත් වන නිසාමයි.
තමන් මෙන්ම අන් අයද ලස්සන රුවකට උරුමකම් කියනු දැකීමට තරම් සුන්දර, ඊර්ෂ්‍යාවකින් තොර හදවතක් හිමි ලෝචනාගේ සුන්දරත්වයට හේතුවන ප්‍රධානම හේතුව ඇයගේ හදවතේ ඇති පිරිසුදුභාවය කිව්වොත් නිවැරදියි.
ඒ වගේම දේශීයත්වයට මුල් මුල්තැන දෙන රංගන ශිල්පිනියක වන ඇය නිරන්තරයෙන් විදේශ රට වල සංචාරයන්හි යෙදුණත් විවිධ වූ ආලේපන මිලදී ගැනීම සඳහා තිබුනත්
ඒ කිසිවක් භාවිතා නොකර කෝමාරිකා මද වැනි දේශීය, ස්වාභාවික දේවල් පමණක් තම ශරීරයේ ආලේප කිරීම සඳහා භාවිතා කරන බවයි කියා සිටියේ.
ඒ වගේම ඇයගේ සම වියළි සමක් එබැවින් අභ්‍යන්තර සත්කාර ලෙස නිරන්තරයෙන් ජලය, තැඹිලි වතුර, කැඳ වර්ග, ජූස් වර්ග ශරීරයේ තෙතමනය රැක ගැනීම සඳහා නිතර පානය කරන බවත්, ඊට අමතරව පලාවර්ග ,පලතුරු වර්ග කෑම වේලට එක්කර ගන්නා බවයි ලෝචනා කියා සිටියේ.
ඒ වගේම වෙළඳසැලේ විකිණීම සඳහා තිබෙන සම සුදු කරන විවිධ වූ ආලේපණ ඇය කිසිදා භාවිතා කර නොමැති බව හා කුඩා කල සිට baby cream පමණක් ආලේප කර ඇති බවයි ඇය කියා සිටියේ.
ඕනෑම කෙනෙකුගේ පෞරුෂත්වයට මෙන්ම විවාහ දිවියට ද බාහිර පෙනුම, බාහිර සුන්දරත්වය ඉතා වැදගත් වන අතර ඒ පිළිබඳව ඇය කියා සිටියේ,
පවුල් ජීවිතයක් සාර්ථක වීම සඳහා බිරිඳගෙ කැපවීම, අරපිරිමැස්ම, ඉවසීම, පිළිවෙල… කියන සියලු දේ අතර රුව මෙන්ම පිරිසිදුකම හා පිරිසිදු සිතිවිලි ද අත්‍යවශ්‍ය දෙයක් බවත්,
එවිට සාර්ථක විවාහ දිවියක් සතුටින් ගත කළ හැකි බවයි ඇය කියා සිටියේ. ඒ වගේම රුව නිසා තම ජීවිතය ජයගත් පුද්ගලයින් ද බොහෝ සිටින අතර ලෝචනා කියා සිටියේ රුව ලස්සන නොමැති වුවත්
හදවත ලස්සන පුද්ගලයන් මෙන්ම රුව කෙතරම් ලස්සන වුවත් හදවත අවලස්සන බොහෝ දෙනා සිටින බවත්, හදවත පිටතට නොපෙනෙන බැවින් ඔවුන් හා ගනුදෙනු කිරීමේදී එය වටහා ගත හැකි බවත්,
බාහිර රුව මෙන්ම අභ්‍යන්තර සිතිවිලි ද ලස්සන වුවහොත් රූපයෙ වටිනාකම තවත් ඉහළ යනු ඇති බවයි ලෝචනා කියා සිටියේ.








