
සමාජ මාධ්‍යන් ඔස්සේ බොහෝවිට කථා බහට ලක්වන වගේම, මේ දවස්වල හැමෝම හරිම ආසාවෙන් නරඹන “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නාට්‍යයේ සහ “මහවිරු පණ්ඩු” ටෙලි නාට්‍යයෙ හි හරි අපූරුවට රංගනයෙන් දායක වන ඇය තමයි, ජනප්‍රිය රංගන ශිල්පී, දසුනි සෙනිත්මා කියල කියන්නේ.
දසුනි කිවුවම නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට දසුනිට ප්‍රේක්ෂාදරය මෙන්ම ගෞරවය හිමි වන්නේ ඇයටම වූ අපූරු රංගන කුසලතාවයන් නිසාවෙනි.
දසුනි “ටික් ටොක්” හරහා බොහෝ වීඩියෝ පට නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවලට මුදාහරින නිසා සමාජ මාධ්‍යන්හි, දසුනි ජනප්‍රිය වී තිබෙන අතර,
රියැලිටි තරඟාවලියක් නිසාවෙන් දසුනිව අපූරු නර්ථන ශිල්පිනියක බවටත් කාගෙත් කථා බහට ලක් වෙන චරිතයක බවට දසුනි පත් වනවා.
ඒ වගේම දසුනි නිරූපිකාවක් විදියටත් මේ දවස්වල හැඩ වැඩ වී තිබෙනවා හරි අපූරුවට. ඉතින් ඒ, “ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන, “මල්ලිකා හේමචන්ද්‍ර ස්වර්ණාභරණ” ආයතනයේ, නිරූපණ ශිල්පිනියක් විදියටයි දසුනි හැඩ වැඩ වෙන්නේ.
ඉතින් දසුනි කියනවා,
“මේ වෙද්දී හේමචන්ද්‍ර ආයතනයේ ප්‍රධාන නිරූපණ ශිල්පිනිය විදියට කටයුතු කරන්නේ මං. මම නර්ථන ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක ලෙසින් කටයුතු කළත්, පළමු වතාවට තමයි නිරූපිකාවක් ලෙසින් මේ විදියට හැඩ වැඩ වෙන්නේ.
මේ අවුරුද්දේ ඉදලා තමයි මං මල්ලිකා හේමචන්ද්‍ර ආයතනයත් එක්ක නිරූපිකාවක් විදියට වැඩ කරන්න ගත්තේ”, කියලත් ය. ඉතින් දසුනිට, මල්ලිකා හේමචන්ද්‍ර වැනි, දැවැන්ත ස්වර්ණාභරණ ආයතනයක් සමඟින් වැඩ කරන්නට ලැබීම ගැන දසුනිට ඇත්තේ පුදුමාකාර සතුටක් ලු.
ඉතින් දසුනිට හිතාගන්නවත් බෑ ලු, මෙවැනි අවස්ථාවක් ඇය වෙත ළඟා වෙයි කියලා. මෙකද මල්ලිකා හේමචන්ද්‍ර කියල කියන්නේ අපේ රටේ නම් දරාපු ඉහළම පෙළේ ස්වර්ණාභරණ ආයතනයක් නේ.
ඉතින් දසුනිට ඒ ලැබුණු මහඟු අවස්ථාව, ඒ කියන්නේ මල්ලිකා හේමචන්ද්‍ර ආයතනයේ ප්‍රධාන නිරූපිකාව විදියට කටයුතු කරන්නට ලැබුණු අවස්ථාව නිසා, දසුනිට හොඳ නමක් දිනාගන්නටත් හැකියාවක් ලැබෙන්නට හේතුපාදක වී තිබෙනවා.








