අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

අපේ ගීත නම් කවුරු කීවත් මොනවත් කියන්නේ නෑ. ජය ශ්‍රී රිදෙන්න කීව කතාව

“ජය ශ්‍රී” කියන්නේ අපි එදා වගේම අදටත් ආදරය කරන මියුසික් ගෘප් එකක්නේ. ඒ කාලේ කොල්ලො කෙල්ලෝ හරි හරියට “ජය ශ්‍රී”ලා වටා රොකු වුණා.

ඒ තරමට “ජය ශ්‍රී”ලා තම ආදරණීය ජනතාවගේ ආදරය ගෞරවය ජනාදරය දිනාගන්නට සමත්වන්නේ ඔවුනටම ඇති අපූරු ගීත ගායනා හඬ පරාසයන් මෙන්ම ගීත ගායනා හැකියාවන් නිසාවෙනි.

අද වෙද්දී “ජය ශ්‍රී”, ලෝකයේ මහද්වීප 3ක් නියෝජනයෙන් විවිධ රටවල සංගීතවේදීන් හත් දෙනෙකුගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් බවට පත් වී හමාරය.

ඒ වුණත් ඉතින් එදා “ජය ශ්‍රී” කිවූ විගසම අපේ මතකයට නැගුණේ, “රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්” යන කලාකරුවන් ය. ඉතින් ජය ශ්‍රී විසින් ඇති කරපු ජය ශ්‍රී උන්මාදය එදා වගේම අදටත් එසේමයි.

ඔන්න ඉතින් පහුගිය දවසක “ජය ශ්‍රී” සම්බන්ධව කොයි කාගෙත් කථා බහට ලක් වුණු කාරණව තමයි, “ජය ශ්‍රී හි හිටපු සාමාජිකයෙක් වන “අරුණ ලියාන්” විසින් කණ්ඩායමේ සමහර ගීත සම්බන්ධයෙන් යම් අයිතියක් පෑමත්, ඒ හින්දා “ජය ශ්‍රී”ලා ට ගීත 20ක් ගායනා කිරීමට තහනමක් පැනවිමත්” ය.

ඉතින් ඔය විදියට ගීත 20ක් ගායනා කිරීමේ තහනමකට ලක් වුණානේ ජය ශ්‍රී කණ්ඩායමම. ඉතින් “ජය ශ්‍රී” හි, රෝහිත ජයලත් ඒ ගැන මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ.

“මම ඔය දේවල් ලොකුවට කථා කරන්න කැමති නෑ. මොකද මේ වෙද්දි ඒ සම්බන්ධයෙන් මොන යම් හෝ ලියවිල්ලක් ලැබිලා නෑ. මීඩියා වලින් තමයි අපිත් දැන ගත්තෙත්.

31නි දා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙනකම් තමයි නොයිවසිල්ලෙන් නමුත් බලන් ඉන්නේ. එතනින් පස්සේ අවශ්‍යය දේවල් නීතියෙන් දැනුම් දෙයි.

අනෙක් පාර්ශවයෙන් නම් චෝදනා මේ ගැන එල්ලවෙලා තියන නිසා, අපෙනුත් මේ ගැන ඉස්සරහට තොරතුරු ගයි. අනික අපි මේ ගීත 20 කිවුවේ නෑ කියලා මැරෙන්නේ නෑ නේ.

ඉතින් ඕනම දේකට ලෑස්තිපිටයි ඉන්නේ”, කියලා. ඉතින් මේ ගැටලුව නිසා “අරුණ ලියාන්” ජය ශ්‍රී කණ්ඩායමෙන් ඉවත් වන්නේ මීට වසර 18ට කලිනුයි.

එදා ඇති වුණේ නැති ප්‍රශ්නයන් අද ඇති වෙන්න ඇත්තේ මේ වාගේ හේතු පිටයි කියලත් ඔහු කියන්නට අමතක කරේ නෑ. මෙන්න මේ විදියටයි දිග හැරෙන්නේ, ඒ, “ඒකට නම් හේතුව අපි දන්නෙත් නෑ.

අපි අපේ සිංදු කියන්න කාටවත් තහනම් කරලත් නෑ. අපේ සින්දු ජය ශ්‍රී සින්දු විදියටම අපි කියනවා. අපේ සිංදු සමහරු වේදිකා වල පවා කියනවා. ටෙලිවිෂන් එකේ කියනවා.

ඒත් ඒ ගැන අපිට කිසිම විදියකින් ප්‍රශ්නයක් නෑ. කථෘ භාග සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හැදෙනවා නම් හොඳයි. නමුත් එහෙම එකක් නැති තැනදී අපි නම් අපේ ගීත ඕනෑම කෙනෙක් කියලා හම්බකරන් කෑවාට ඒකට මුකුත් කියන්න යන්නේ නෑ.

මොකද ඒක ලොකු පිනක්”, කියල යි. අපේ වැනි රටක ප්‍රකාශන හිමිකම ගැන විධිමත් නීතිමය රාමුවක් නොමැති කම ගැන මෙන්න මේ වගේ කථාවක් තමයි රෝහිත ජයලත් කියන්නේ.

“ඕස්ටේලියාවේ ඒ.කේ.එම් හි, 2000 වසරේ දී අපි අපේ සිංදු සේරම රෙජිස්ටර් කරලා තියෙන්නේ. මම හිතනව, අපේ රටෙත් එහෙම දෙයක් තිබිය යුතුයි කියලා.

එහෙම තිබ්බා නම් ගීත සම්බන්ධයෙන් වන අක්‍රමිකතාවයන් අඩුවෙන්නටත් තිබ්බා”, කියලත් ය. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වුවද සමාජ මාධ්‍ය ජාලා හි සියල්ලක්ම “ජය ශ්‍රී” සමඟ එක්වන්නට තරම් ශක්තිමත් සන්නාමය ගොඩ නගාගන්නට ඔහු මහන්සි වී ඇත්තේ මෙලෙස ය.

ඉතින් ඔයාලා ආදරය කරන රෝහිත ජයලත් කියනවා, “ඒකට වුණු මහන්සිය මෙහෙමයි කියලා ක්ෂණයකින් කියලා ඉවර කරන්න බෑ. සමහර විට ඒක දෙවියන්ගෙන් ලැබුණු දෙයක් වෙන්න ඇති. අපි සරලව ජීවත් වෙන නිසා ඒ සරලකමට මිනිස්සු කැමති වුණා.

අපි “ස්ටාර්ස් ලා, ඉන්ටර්නැෂනල්” ගියා වගේ කාරණාවන් බලන්නේ නැතිව වුණත් යන හැම ගමනක්ම ගියේ පොඩි බට්බා වෑන් එකක. ඒ අතරමඟ දී හමුවන පොල් අතු කඩයකින් මට මතකයි දවසක් අපි වඩයක් කාලා ප්ලේන්ටි එකක් බීවා” කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button