අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්තරු ගොසිප්

අම්මා එක්ක විලාසිතා පෙළකට පෙනී සිටි අකිල ධනුද්දරගේ හුරතල් සිගිති දියණිය

අපේ රටේ කලා ක්ෂේත්‍රය පිළිබඳ කතා කරන විට අමතක කරන්නට බැරි සුන්දර කලා පවුල් ගණනාවක් තිබෙනවා ඒ අතරින් කාගේත් ආදරේට ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර කලා පවුලක් වශයෙන් ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය පවුල මෙරට ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට පාත්‍ර වූ ආදරණීය කලා පවුලක් වනවා.

මේ කලා පවුලේ සියලුම සමාජිකයන් අද වන විට මෙරට රංගන,නර්තන, නිවේදන, ගායන යන සියලු ක්ෂෙත්‍රයන්හි සුවිශේෂී ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙනවා.

ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමහල් පුතණුවන් වන අකිල අඛිල ධනුද්ධර පිළිබඳ කතා කරන විට ඔහු අද වන විට මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ යොවුන් රංගන ශිල්පියෙකු වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

රංගනයට නර්තනයට නිවේදනයට මෙන්ම විවිධ විලාසිතාවන් සිදුකරමින් නිරූපණ ශිල්පියකු වශයෙන් ද මොහු තමන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් රඳවාගෙන සිටින කඩවසම් රංගන ශිල්පියකු වනවා.

බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ මේ එවුන් කඩවසම් රංගන ශිල්පියා අද වන විට ආදරණීය දියණියකගේ පියෙකු වනවා. හුරතල් පුංචි වයසේ සිටි නම් ඒ දියණිය නමින් අරණ්‍යා වේ.

ඇයගේ ආදරණීය මව වන එමි වාගේම සුන්දර හුරතල් පෙනුමක් ඇති මේ පුංචි දියණියගේ සුන්දර ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා.

කෙසේ නමුත් මේ පුංචි ආරණ්‍යා ගේ අම්මා ඒ කියන්නේ අපි කවුරුත් දන්නා අකිලගේ ආදරණීය බිරිඳ විවිධ ඇඳුම් විලාසිතා වලට පෙනී සිටින සුන්දර චරිතයක් වන අතර ඒ නිසාම ඇයත් බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් වෙනවා.

මේ දිනවල පුංචි ආරණ්‍යා එයාගෙ අම්මත් එක්ක එකතුවෙලා ලස්සන ඇඳුම් විලාසිතා වලින් සැරසී ඡායාරූප පෙළකට මුහුණ දී තිබූ අතර එම හුරතල් සුන්දර ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වෙනවා.

අම්මත් එක්ක ඉතාමත් සුන්දර ඡායාරූප පෙළකට මුහුණ දුන් ඒ හුරතල් පුංචි දියණියගේ ජයාරූප කීපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button