උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“මගේ පෙම්වතා මට වඩා වසර තුනකින් බාලයි. මට විවාහ වෙන්න හදිස්සි නෑ” 18 කෙල්ල වගේ ඉන්න මේධා

අපේ රටේ සිටිය දක්ෂ නිවේදිකාවක් මෙන්ම  පසු කාලයක අපේ රටේ රංගන ක්ෂේත්‍රයට  පිවිසි රංගන ශිල්පිනියක් වශයෙන් ද මේජයරත්න හඳුන්වන්නට පුළුවන්.

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුන්දර  තැනැත්තියක් වශයෙන් ද ඇයව හඳුන්වා දෙන්නට පුළුවන්.පසුගිය කාලයේ හිරු නාලිකාවේ විකාශය වූ හිරු මෙගා ස්ටාර් නර්තන තරගාවලිය තුළ ඇයගේ නර්තන දක්ෂතාවයද මෙරට ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.

කාලයක් පුරාවට වැඩිය දැකගන්නට නොලැබුණි ඇයගේ පුද්ගලික ජීවිතයේ යම් යම් සිදුවීම වූ නිසයි. කලකට පසු නැවත රංගන කටයුතු සඳහා පිවිසී සිටින මේධා ඉන්ටර්නැෂනල් , මෙට්‍රෝ හීන වැනි ටෙලිනාට්‍ය තුළ ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වනවා.

නිවේදන ක්ෂේත්‍රයේ තුළත් රංගන ක්ෂේත්රය තුළත් මෙන්ම නර්තනය තුළ දී තම දක්ෂතා පෙන්නුම් කළ ඇය උපාධිධාරිනියක් වේ. අද වන විට විවාහයෙන් වෙන් වී සිටින ඇය දෙදරු මවක් වන අතර,

දරුවන්ගෙන් වෙන් වී සිටි නමුත් ඇයට අවස්ථාව උදා වූ සෑම මොහොතකම තවත් දරුවන් බලන්නට යාමට ඇයකටයුතු කරනු ලබනවා.

නැවත විවාහ වීමක් පිළිබඳ පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී ඇය අදහස් දක්වමින් කියා සිටියේ. තමන් මේ වන විට  පෙම්වතියක් වී සිටින බවත් විවාහය පිළිබඳව තවමත් දින වකවානු යොදාගෙන නොමැති බවත්,

තමන්ට තවමත් විවාහ විවාහවීමට හදිස්සියක් නොමැති බවත් කියා සිටි අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මේධා කියා සිටියේ  ගැහැනියක් තනිවම සිටින විට කාගෙවත් හව්හරණක් නැතිව අසරණ කාන්තාවක් බවට පත් පත් වී සිටින බව බොහෝ දෙනා සිතන බවත්,

මේ නිසා මුදලට එම ජීවිත ලබාගන්නට හැකි බවත් විවිධ කට කටකතා පතුරවමින් විවිධ යෝජනා කරන බවත් ඇය කියා සිටියා. නමුත් අද වන විට තමන්ට හොඳ ආදරණීය පෙම්වතෙකුගේ රැකවරණය ලැබෙන්නේ නිසා ඇයට කිසිදු ප්‍රශ්නයක් මේ වන විට නොමැති බවත්,

ආර්ථික අතින් ද තමන් ඉතාමත් හොඳ තත්වයේ සිටින බවත් මේධා  ජයරත්න එම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබුණා. ඇයගේ පෙම්වතා ඇයට වඩා වසර 3කින් බාල පුද්ගලයෙකු වන අතර ඔහුට සහ තමන්ට එම වයස ආදරයට බාධාවක් නොවන බවත්  ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button