උණුසුම් පුවත්දේශපාලන පුවත්දේශිය පුවත්

අඩුපාඩුකම් තිබුණත් යහපාලන ආණ්ඩුව රටට විශාල සේවයක් සිදු කලා

හිටපු ජනාධිපතිතුමන් වු මෛත්රීපාල සිරිසේන මහතා අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ එනම් නොවැම්බ්ර් මස 17 වන දින පවසා තිබු කරුණක් නිසා, බොහෝ දෙනාගේ අවධානයට වාගේම බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට එය පත් වුනා.

එහිදි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ අද වන විට ඇතිවී තිබෙන ආර්ථික ප්රශ්න සදහා වගකිව යුත්තේ මිට පෙර පැවති යහපාලන ආණ්ඩුව නොව අවුරුදු තිහ හතළිහක් තිස්සේ පැවැති විවෘත ආර්ථිකයේ අනිසි ප්රතිඵල හේතුවෙන් බවයි.

මේ අදහස් දැක්විමට අමතරව එතුමමා විසින් තවත් කරුණු ගණනාවක් පවසමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඇති වන වාද විවාද වලදි බොහෝ දෙනා වත්මන් ආර්ථිකය පිලිබද ඇති ප්‍ර‍ශ්න සියල්ලම යහපාලන ආණ්ඩුව පැත්තට යොමු කරන බවත්,

නමුත් යහපාලනයේ නායකයාත් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක බවත්, මේ ප්‍ර‍ශ්න. දීර්ඝ කාලයක් තිස්සේ ආපු ප්රශ්න මෙන්ම විවෘත ආර්ථිකයේ අනිසි ප්රතිඵල බවයි.

ඊට අමතරව මෛත්රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අඩුපාඩුකම් තිබුණත් යහපාලන ආණ්ඩුව රටට විශාල සේවයක් සිදු කල බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button