තාක්ෂණික පුවත්දේශිය පුවත්ව්‍යාපාරික පුවත්

පැන්සල් මිනිරන් තුඩමත නිම කරන ලද කුඩා අවුකන පිළිමයේ අනුරුව

මෙරට තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම දක්ෂතා ලෝකයටම ගෙන ගිය පිරිසක් සිටින අතර සමහර අවස්ථාවලදී ලෝකයම පුදුම කරවන නිර්මාණ කිරීමට තරම් අපේ රටේ මෙම දක්ෂයින් සමත් වී තිබෙනවා.

කලාව කියන්නේ අපේ රටට අපේ සංස්කෘතියට උරුම දෙයක් ලෝකයේ අනෙකුත් රටවලට වඩා සභ්‍යත්වය කින් යුත් සංස්කෘතියක් අපේ රටට හිමි වී තිබෙන අතර එම කලාව වෙනස් ආකාරයෙන්  උපයෝගී කරගනිමින් වෙනස්ම විදියේ දේවල් සිදු කරන දක්ෂයි විශාල පිරිසක් සිටිනවා.

ශ්‍රී ලංකාව කියන අපේ රටේ නාමය ලෝකය හමුවට ගෙන යාමේ යාම ත් උත්සාහ කරන අපූරු කලා ශිල්පියෙකු ගේ අපූරු වැඩක් පිළිබඳවයි මේ විස්තරය.

මෙතුමා නමින් දයානන්ද වේ. සියුම් කලා නිර්මාණ සිදු කිරීමට ඉතාමත් කැමැත්ත දක්වන මෙතුමා micro art (ක්ෂුද්‍ර කලා )නිර්මාණය කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන ශිල්පියකු වේ .

මොහු විසින් සිදු කරනු ලබන්නේ පැන්සල් තුඩ මත නිර්මාණ කිරීමයි. මෙවැනි කලා මාධ්‍යයන් ලෝකය පුරා සිදු කරන පිරිස ඉතාමත් අඩු අතර.

පැන්සල් තුඩ මත සියුම් නිර්මාණ කරමින් එම අපූරු නිර්මාණ ලෝකයා වෙත ගෙන යාමට මෙතුමා උත්සාහ දරණ කලා ශිල්පියෙක් ලෙස පෙන්වා දිය හැක.

සංචාරක කර්මාන්තය හා සම්බන්ධව කටයුතු කරන ලද මෙතුමා අද වන විට මෙම ක්ෂුද්‍ර කලා ශිල්පය සඳහා යොමු යොමුවී ඇති අතර මෙතුමා විසින් පැන්සල් තුඩ මත අප කවුරුත් ගෞරව කරන අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් නිර්මාණය කරන්නට සමත් වන අතර,

එම අවුකන බුද්ධ ප්‍රතිමාවේ උස සෙන්ටිමීටරයක් තරම් වේ. එහි විශ්කම්භය පිළිබඳ කතා කිරීමේදී සෙන්ටිමීටර් 0.33  තරම් කුඩා ප්‍රමාණයේ නිර්මාණයකි.

කුඩා පැන්සල් තුඩක් මත මෙවැනි විශිෂ්ඨ ගණයේ නිර්මාණය සියුම් ලෙස නිර්මාණය කිරිමට තරම් දක්ෂතා ඇති අපේ රටේ මෙවැනි දක්ෂයන් අගය කළ යුතුම වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button