විද්‍යාර්ථීයින් පිරිසක් නිර්මාණය කළ සූර්ය බලයෙන් ධාවන වන අපුරු වෑන් රථයක්

බලශක්තියේ කියන්නේ අද වන විට මිනිසාට නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා අද වන විට බලශක්තිය කියන්නේ බොහෝ ක්ෂේත්‍ර රඳා පවත්වා ගැනීමට අවශ්‍ය මූලිකම දෙයක් වනවා.
විවිධ අයුරින් බලශක්තිය ලබා ගැනීම සිදුකරනු ලබන අතර අයහපත් බලශක්ති භාවිතය නිසා අද වන විට මිනිසාටම එහි විපාක අත් විදිමට ද සිදු වී තිබෙනවා.
මේ නිසා ස්භාවික විකල්ප බලශක්තීන් කෙරෙම්‍මි මේ වන විට ලෝකේය අවධානය යොමු වී ඇති කාලයක නෙදර්ලන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීයින් පිරිසක් ස්භාවික බලශත්කි යොදා ගනිමින් අපුරු වාහනයක් නිර්මාණය කිරීම සමත් වනවා.

මෙය වෑන් රථයක් වේ. මේ වෑන් රථය නිර්මාණය කිරීම සඳහා සිසුන් විසි දෙනෙක් පමණ සහභාගිවී සහභාගි වී තිබෙනවා. සූර්ය බලයෙන් ධාවනය කිරීමට හැකි වන සේ නිර්මාණය කරන ලද මේ වෑන් රථය නම් කර ඇත්තේ ” ස්ටෙලා විටා” ලෙසයි.
මෙය වෑන් රථයක් වුවත් උවත් සාම්ප්‍රදායික වෑන් රථයට වඩා බොහෝ සෙයින් මෙහි බාහිර පෙනුම වෙනස් ආකාරයෙන් නිර්මාණය කර ඇත.
මෙම අපූරු වෑන් රථය සුදු පැහැයෙන් සහ ළා නිල් පැහැයෙන් යුක්ත වන අතර එය නිවසක් ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. මෙම අපූරු වෑන් රථයේ ඉදිරිපස රියදුරාට සහ තවත් දෙදෙනෙකුට ගමන් කිරීමට හැකි අතර,
එම රථය තුළ ගමන් කරන අනෙක් දෙදෙනාට පහසුවෙන් සැහැල්ලුවෙන් පහසුකම් ගණනාවකින් යුතුව තේ පානය කරමින් රූපවාහිනිය නරඹමින් මෙහි ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

දෙදෙනෙකුට වුවත් නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් මෙහි හොඳින් ම පවතී . ඒ අනුව මෙහි නිදා ගැනීමට අවශ්‍ය ඇඳක්, වැසිකිලියක්, නානකාමරයක්, මේසයක් ආදී සියල්ලම ඇතුළත් වේ.
මෙහි වෑන් රථයට අවශ්‍ය බල ශක්තිය ලබා ගනු ලබන්නේ සූර්යා සූර්යාලෝකය මඟිනි. එහිදී සූර්යාලෝකය උරාගනිමින් බලශක්තිය නිපදවීම සඳහා මෙහි සෝලා පැනල් ස්ථාපිත කර ඇත.
එම සෝලා පැනලයක් මීටර් 188 පමණ විශාල වෙයි . මේ නිෂ්පාදනය වන බල ශක්තිය යෙන බල ශක්තිය යොදා ගනිමින් පැයට සැතපුම් 75 ක පමණ වේගයකින් ගමන් කිරීමේ හැකියාව ඇත.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම අපූරු වෑන් රථ ඉදිරි අනාගතයේදී මිනිසාගේ පහසුව උදෙසා බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් මිනිස් අතට පත්වන සාර්ථක නිර්මාණයක් ලෙස දැක ගැනීමට හැකි වේ
The solar-powered vehicle is on display on a closed road, in Guyancourt, south of Paris, Friday Sept. 24, 2021. A group of Dutch students has reimagined van life and is hitting the road to Portugal. Just don’t call their groundbreaking new solar-powered vehicle a campervan. (AP Photo/Thibault Camus)








