
වට්ටක්ක කියන්නේ බොහෝ දෙනා ආහාරයට ගන්න කැමති වගේම සෑම ගෙදරකම පාහේ ව්‍යංජන සකස් කිරීමට ගන්නා එළවළු වර්ගයකි.
වට්ටක්කා සතුව අපේ ශරීරයට අවශ්‍ය පෝෂ පදාර්ථ රාශියක් අඩංගු වී ඇති අතර මේ නිසාම වට්ටක්කා ගෙඩිය අනිත් එළවළු වලට වඩා විශේෂ එළවළු වර්ගයක් වෙනවා.
අපි බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ ව්‍යංජනය සකස් කිරීමට අවශ්‍ය වට්ටක්කා කෑලි පමණක් රැගෙන වට්ටක්කා ගෙඩිය මධ්‍යයේ ඇති කුඩා ඇට විසි කිරීමයි.
වට්ටක්කා ගෙඩියේ මංශල කොටසේ ඇති ශරීරය අවශ්‍ය ගුණ මෙන්ම අප විසිකර දමන වට්ටක්කා ඇට වලද විශේෂ ගුණ රාශියක් තැන්පත්වී පවතිනවා.

ඒ අනුව අපේ ශරීරයට වැළදෙන රෝග බොහෝමයක් සමනය කිරීමටත් පාලනය කිරීමටත් විශේෂ ගුණ මේ වට්ටක්කා ඇට සතු වනවා.
1. සුවසේ නින්දක් ලබන්න අපි කවුරුත් කැමතියි විඩාබර දවසේ අවසාන මොහොත අප ගත කරන්නේ නින්ද ලබාගැනීමෙන්ය. නමුත් කොතරම් වෙහෙස වුවත් සුවසේ නිදා ගැනීමට බොහෝ දෙනාට නොහැකි වී තිබෙනවා.
මේ වගේ නින්ද හරිහැටි නොමැති අයට රාත්‍රී කාලයේදී වට්ටක්කා ඇට ස්වල්පයක් ආහාරයට ගැනීම මගින් හොඳ නින්දක් ළඟා කරගත හැකි බව පර්යේෂණ පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.
2. ප්‍රතිශක්තිකරණය කියන්නේ වර්තමානය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. ශරීරය තුළට විවිධ රෝගාබාධ වැළඳීමෙන් බේරී සිටීම සඳහා ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය අතිශයින්ම වැදගත් වනවා.
මේ සඳහා වට්ටක්කා ඇටවල ඇට වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය අතිශයින්ම වැදගත් . මේ නිසා ඔබට දිනපතා වුවත් වට්ටක්කා ඇට ආහාරයට ගන්නේ නම් ඔබේ ප්‍රතිශක්තිකරණ ශරීරය තුළ හොඳින් පවත්වා ගැනීමට හැකි වෙනවා.

3. අප ගන්නා විවිධ ආහාර රටාවන් කාර්යබහුල ජීවිතය නිසා නිතර වෙහෙස මහන්සි වී කටයුතු කරන නිසා ඇස් පෙනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට වෙන්නේ නෑ.
ඒ නිසා කාලයක් යන විට ඇස් වල දුර්වලතා ඇස් නොපෙනීමේ ගණනාවකට මුහුණ දීමට සිදුවනවා. මෙහිදී ඔබට වට්ටක්කා ඇට අහරට ගැනීම තුළින් ඔබගේ ඇස් පෙනිම වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.
4. හන්දිපත් රුදාව නැතිනම් ආතරයිටීස් කියන්නේ වන විට තරුණ පරම්පරාවේ අය මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් මුහුණ දෙන රෝගී තත්ත්වයක්.
වට්ටක්කා ඇට ආහාරයට ගැනීම නිසා මෙම රෝගී තත්ත්වය සමනය කර ගැනීමට සහ වේදනාව සමනය කර ගැනීමට බොහෝ සේ උපකාරී වනවා .

වැඩිය ගණන් ගන්නේ නැතුව හැමදාම විසික් කරලා දාන්න වට්ටක්කා ඇට ඔබගේ ශරීරයට කොතරම් ප්‍රයෝජනවත් ද . ඉතින් ඔබත් විසි කරලා දාන්නේ නැතුව මේ වගේ වටිනා දෙයක් ඔබගේ ආහාරයට එකතු කරගන්න අමතක කරන්න එපා








